BREAKING NEWS
latest

728x90

468x60

Monday, June 04, 2018

කතරගම දුම්රිය පාර හැදීම ආණ්‌ඩුව පිටරට සමාගමකට දීලා - මහින්ද රාජපක්‍ෂ

දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලික කිරීමේ පළමු පියවර වශයෙන් හම්බන්තොට දුම්රිය මාර්ගය තැනීමේ වැඩකටයුතු පිටරට සමාගමකට පවරා ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා  ඊයේ (3දා) පැවැසීය. 

රාජ්‍ය ආයතන පෞද්ගලික කිරීමේ වැඩ පිළිවෙළ ආණ්‌ඩුව අත්හැරියේ නැතැයි පැවසූ හිටපු ජනාධිපතිවරයා මේ සඳහා කැබිනට්‌ අනුමැතිය ද ලැබී ඇතැයි දැන ගැනීමට ලැබී තිබෙන බව කීවේය.

හම්බන්තොට බෙලිඅත්ත කතරගම දුම්රිය මාර්ගය තැනීම සඳහා පිටරට සමාගමකට ඩොලර් මිලියන 800 ක මුදලක්‌ වැය කරන බව දැන ගැනීමට ලැබී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන බවද ජීවන බරින් ජනතාව අසරණ වී සිටින සමයක දුම්රිය මාර්ගය තැනීම සඳහා ආණ්‌ඩුව පිටරට සමාගමකට විශාල මුදලක්‌ වෙන්කිරීම අපරාධයක්‌ බවද හෙතෙම පැවැසීය.

නෝමන් පලිහවඩන 
« PREV
NEXT »