BREAKING NEWS
latest

728x90

468x60

Thursday, June 07, 2018

ඇලෝසියස්ගෙන් වාර්තාගත මුදලක් ගත්ත එජාප ඇමති මාට්ටුයි?

බැදුම්කර වංචාව සම්බන්දයෙන් මේ වන විට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිමිකරු අර්ජුන් අලෝසියස්ගේ හිමිකාරීත්වයෙන් යුත් පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් සමාගමට සම්බන්ධ ආයතනවලින් මුදල් ලබාගත් නාම ලේඛණය ප‍්‍රසිද්ධ කල යුතුය යන ස්ථාවරයේ එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ආමති මලික් සමරවික‍්‍රම සිටින්නේ යයි වාර්තා පල වෙයි.

මීට හේතුව සේ සැලකෙන්නේ අදාල නාම ලේඛණයේ ඔවුන් දෙදෙනාගේම නම් නොමැති වීම යයිද අන්තර්ජාලයේ මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙයි.

එජාප නායකයාගේ මෙම ස්ථාවරය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට දන්වා ඇති අතර එහිදී ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ මෙම නාම ලේඛණය ප‍්‍රසිද්ද නොකරන්නැයි එජාප වෙනත් ප‍්‍රබලයෙක් නිතර තමනට ඇවිටිලි කරන බවයි.

මීට හේතුව වී ඇත්තේ ඇලෝසියස්ගෙන් වැඩිම මුදල් ප‍්‍රමාණය ගෙන ඇත්තේ ‘ගම්මට්ටම් බිම් මට්ටම්’ සමග සිටින මෙම එජාප ප‍්‍රබලයා විසින් යයි මෑතකදී එජාපයේ ඉහල පුටුවකට පත්වූවෙකු සදහන් කර ඇතැයිද සදහන්ය.

ලංකා සී නිවුස්
« PREV
NEXT »