Tuesday, June 12, 2018
Home
Gossip Lanka News
යුද්ධය අවසන් කරපු මට බදු අඩු කරන එක අභියෝගයක් නොවේ - මහින්ද රාජපක්‍ෂ
යුද්ධය අවසන් කරපු මට බදු අඩු කරන එක අභියෝගයක් නොවේ - මහින්ද රාජපක්‍ෂ
-
Tuesday, June 12, 2018
සියයට විස්‌සකින් බදු අඩුකරන හැටි පෙන්වන ලෙස තමාට අද අභියෝග කරන උදවිය එදා යුද්ධය නිමකර පෙන්වන ලෙසටත් තමාට අභියෝග කළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (11 වැනිදා) පැවසීය.
හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.
ඔය උදවිය එදා හිතුවේ නැහැ මම යුද්ධය අවසන් කරයි කියලා. අද ඒ අය බිය සැක නැතිව උතුරු නැගෙනහිර පළාත්වලට යන්නේ මම යුද්ධය අවසන් කළ නිසයි. අපේ රණවිරුවන් ජීවිත පුදකරමින් යුද්ධය අවසන් කිරීමට වෙහෙසුණා. එදා තවත් සමහරු අපට අලිමංකඩ කියලා පාමංකඩ යනවා කියලත් අපහාස කළා.
සියයට විස්‌සකින් බදු අඩුකරන හැටි පෙන්වන්නැයි මට අභියෝග කරන අය අභියෝග වලට මුහුණදෙන හැටි මුලින්ම ඉගෙන ගත යුතුයි. යුද්ධය අවසන් කළානම් සියයට විස්‌සකින් බදු අඩුකරන එක මට කිසිම අභියෝගයක් නොවෙයි.
