Friday, June 29, 2018
Home
Gossip Lanka News
මෛත‍්‍රීද..? මහින්දද..? බලය උරගාන තීරණාත්මක සටනක් සදුදා පස්වරුවේ
මෛත‍්‍රීද..? මහින්දද..? බලය උරගාන තීරණාත්මක සටනක් සදුදා පස්වරුවේ
-
Friday, June 29, 2018
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ 16 දෙනාට අතිශය තීරණාත්මක තෝරාගැනීමක් එළැඹෙන සදුදා දිනයේ උදා වෙයි.
එනම් එදිනට ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම් හමුව හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ නිලධාරී හමුවක් යොදා තිබීමයි.
මෙම 16 කණ්ඩායමේ සිටින ශ‍්‍රීලනිප නිලධාරීන් එදින පස්වරු 04.30ට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් කැදවා ඇති අතර ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම් හමුව එදින පස්වරු 05.00ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කැදවා තිබේ.
තමන් ආණ්ඩුව සමග සබදකම් අතහැරි බව පෙන්වීමට මෙන්ම විපක්‍ෂය සමග කටයුතු කරන බව පෙන්වීමට 16 කණ්ඩායමට මෙම අවස්ථාව ඉතා තීරනාත්මක වනු ඇත.
එමෙන්ම පාර්ලිමේන්තුවේ 2/3 බලය පවත්වාගෙන යාමට හෝ අහිමි කිරීමට අතිශය තීරණාත්මක වී ඇති මෙම 16 කණ්ඩායම තමන් සතු බව පෙන්වීමට මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂටද මෙම අවස්ථාව වැදගත්ය.
