ත්‍රිපුද්ගල මහාධිකරණයට අදාළව පිහිටුවූ පළමු මහාධිකරණයේ විභාග කිරීම සඳහා දැනට විමර්ශන හමාර ර තිබෙන නඩු දෙකක් පිළිබඳ නිර්දේශ ඉදිරි සතියේදී අග්‍රවිනිශ්චයකාරවරයා වෙත යොමුකරන බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණ කරනවා. ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අදාළ වීරකැටියේ දෙමව්පිය සමරු ස්මාරකය පිළිබඳ නඩුව සහ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාට අදාළ හයට් හෝටල් ගනුදෙනුව සම්බන්ධ නඩුව මුලින්ම අගවිනිසුරුවරයා වෙත යැවෙන පැමිණිලි විය හැකි බවද එම වාර්තාවල සදහන්.
නීතිපතිවරයාගේ නිර්දේශය ගැන අගවිනිසුරුවරයා විසින් කරනු ලබන මූලික විමර්ශනයකින් පසු එම නඩු නව ත්‍රිපුද්ගල මහාධිකරණයේ අධිචෝදනා යටතේ විභාග කළ යුතුද යන්න තීරණය කිරීමට නියමිතයි.අදාළ අගවිනිසුරු නිර්දේශය නැවතත් නීතිපති වෙත ලැබීමෙන් අනතුරුව මෙම නඩු වාර්තා මූලික පරීක්ෂණය උදෙසා මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කොට දෙවනුව අධිචෝදනා ඉදිරිපත් කෙරෙන බව නීතිපති දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සදහන් කරනවා.