BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, July 18, 2018

රැකියා විරහිත උපාධිධාරීන්ට අදියර කීපයක් යටතේ රැකියා

අදියර කීපයක් යටතේ රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමට රජය තීරණය කර ඇති බව රජ්‍ය ප්‍රතිපත්ති හා අර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (17) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

රැකියා ලබාදීමේ දී බාහිර උපාධිධරීන් ඉවත් කිරීමක් සිදු නොකෙරේ. වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ දමා ඇත. අදියර කීපයක් යටතේ රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමට රජය තීරණය කර ඇති අතර අදියර එක සහ දෙක යටතේ 2018 වසරේ රැකියා ලබාදීමටත් අදියර තුන සහ හතර යටතේ ඉතිරි උපාධිධාරීන්ට 2019 වසරේ දී රැකියා ලබාදීමටත් නියමිතය.

උපාධිධාරීන්ට පමනක් නොව සියලු දෙනාට තම සුදුසුකම් නත රැකියා අවස්ථා ලබාදීම රජයේ ප්‍රතිපත්තියයි. එසේ ම රැකියා ඉලක්ක කරගනිමින් නම උපාධි පාඨමාලා හඳුනවා දීමටත් පවතින පාඨමාලා රැකියා ඉල්ලුමට සරිලන ලෙස සකස් කිරීමටත් කටයුතු සිදු කරමින් පවතින බවද රාජ්‍ය අමාත්‍යවරය පැවසී ය.
« PREV
NEXT »