Wednesday, July 04, 2018
Home
mahinda samarasinghe
ශ්‍රි.ල.නි.පයේ නව මාධ්‍ය ප්‍රකාශක ධූරය මහින්ද සමරසිංහට
ශ්‍රි.ල.නි.පයේ නව මාධ්‍ය ප්‍රකාශක ධූරය මහින්ද සමරසිංහට
-
Wednesday, July 04, 2018
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පත්කරනු ලැබ ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී ඊයේ (02) රාත්‍රී පැවති ශ්‍රි.ල.නි.ප නිලධාරි මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
මීට පෙර ශ්‍රි.ල.නි.ප මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළේ ආණ්ඩුවෙන් ඉවත්වු 16 කණ්ඩායම නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාය.
මේ අතර ඊයේ රාත්‍රී පැවති ශ්‍රි.ල.නි.ප නිලධාරි මණ්ඩලය තුල කටයුතු කරන මන්ත්‍රීවරුන් 8 දෙනෙක් 16 කණ්ඩායම නියෝජනය කරති.ඉන් එස්.බී.දිසානායක මහතා ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත බැවින් නිලධාරි මණ්ඩල රැස්වීමට සහභාගි නොවන බව තමාට දුරකතනයෙන් දැනුම් දුන්නේ යැයි ශ්‍රි.ල.නි.ප මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා නිලධාරී මණ්ඩලයට දැනුම් දී ඇත.
එහෙත් 16 කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රීවරුන් 6 දෙනෙකු රැස්වීමට සහභාගි වන බවට දැනුම් දීමක් කර නැත.පක්ෂයේ ප්‍රතිසංවීධාන වැඩපිළිවෙල හා කටයුතු සම්බන්ධයෙන් මෙම රැස්වීමේදී දීර්ඝව සාකච්ඡාක් කර ඇත.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...