BREAKING NEWS
latest

728x90

468x60

Advertisements

Showing posts with label Jayampathy Wickramaratne. Show all posts
Showing posts with label Jayampathy Wickramaratne. Show all posts

Tuesday, February 13, 2018

වසර හතරහමාර ගතවනතුරු පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ - Jayampathy Wickramaratne

යම් හෙයකින් පාර්ලිමේන්තුව විසුරුවන ලෙස යෝජනාවක් ඉදිරිපත් වුවහොත් එම යෝජනාව තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත වියයුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස හිටපු ජනාධිපති, පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජයම්පති වික්‍රමරත්න මහතා මේ බව සඳහන් කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජයම්පති වික්‍රමරත්න මහතා සඳහන් කළේ වත්මන් පාර්ලිමේන්තුව වෙනුවෙන් වසර පහක ජනතා වරමක් ලැබී ඇති බවත් පාර්ලිමේන්තුව ගැන කතා කිරීම වෙනුවෙන් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජනතා වරම ලබා දී නොමැති බවයි.මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම කවරක් සඳහන් කළත් ඔවුන්ගේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මෙවර පළාත් පාලන මැතිවරණයේදී හිමිව ඇත්තේ 2015 ජනාධිපතිවරණයේදී ඔවුන්ට ලැබුණු ජන්ද ප්‍රමාණයටත් වඩා අඩු ඡන්ද ප්‍රමාණයක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.