BREAKING NEWS
latest

728x90

468x60

Advertisements

Showing posts with label Thilanga Sumathipala. Show all posts
Showing posts with label Thilanga Sumathipala. Show all posts

Tuesday, April 24, 2018

“මාලිංගගෙන් තිලංග සුමතිපාල පළිගත්තා. ඔයා දැන් යන්න කාලේ හරි” – රංජන් තිලංගගේ රෙදි ගලවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වතමන් සභාපති තිලංග සුමතිපාල මහතා හා හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ලසිත් මාලිංගගෙන් පලිගත් බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසීය. මාදිවෙල පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා සිටියේය. එසේම වත්මන් සභාපතිවරයාට එම තනතුරේ රැඳී සිටීමට හැකියාවක් නොමැති බවත් ඔහු තනතුරින් ඉල්ලා අස්විය යුතු බවද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.


“ මම ක්‍රිකට් ක්‍රීඩාව ගැන කළ ප්‍රකාශය වත්මන් සභාපතිවරයා හෝ හිටපු ක්‍රීඩා ඇමතිවරයාට කළ ප්‍රකාශයක් නොවන බවට ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා කළ ප්‍රකාශය සාවද්‍ය ප්‍රකාශයක්. මම හිටපු, හිටිය හා දැන් ඉන්න සියලු දෙනාගේ දූෂණ වංචා ගැන තමයි කියන්නේ. වැඩියෙන්ම දූෂණ වංචා තියෙන්නේ දැන් ඉන්න සභාපතිවරයා හා හිටපු ක්‍රීඩා ඇමතිවරයා හිටපු සමයේ බව ප්‍රකාශ කරනවා.

Thursday, April 05, 2018

හයියෝ තිලංග නින්දිත ලෙස ජනාධිපතිව පාවාදුන්නා නේද? | Thilanga Sumathipala

නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල විසින් විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ලබාදීම පක්ෂ සභාපතිවරයා අනුමත කල බව සඳහන් කරමින් ජනාධිපතිවරයාව පාවාදීමට කටයුතු කළ බවත් එම පහත් ක්‍රියාව තම පාර්ශවය දැඩිව හෙළාදකින බව විශ්වාසභංග විවාදය සහ ජන්ද විමසීම වර්ජනය කළ ශ්‍රීලනිප පාර්ශවය සඳහන් කරයි.

තිලංග සුමතිපාල විශ්වාසභංග විවාදයේ කරුණු දක්වන අතරතුර "ශ්‍රීලනිප නිල මතය දැනගැනීමට පක්ෂයේ මහ ලේකම් කොහෙදැයි" ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සිදුකළ විමසුමේදී නියෝජ්‍ය කතානායකවරයා සිනාසෙමින් සඳහන් කර සිටියේ "මහ ලේකම් මොකටද පක්ෂ සභාපතිගේ මතය කියන්නේ" කියාය.

ජනාධිපතිට එරෙහිව විරෝධය වැඩි කරන්න ගහපු ගේමක් !

නියෝජ්‍ය කතානායකවරයා එසේ පැවසුවත් විශ්වාසභංගය වර්ජනය කළ ශ්‍රීලනිප පාර්ශවය සඳහන් කරන්නේ ජනාධිපතිවරයා කිසිඳු තීරණයක් සම්බන්ධව බලපෑමක් නොකළ බවත් විශ්වාසභංගයට අදාලව පක්ෂයේ මත දෙකක් තිබු බැවින් මන්ත්‍රී කණ්ඩායමට ස්වාධීනව තීන්දුවක් ගැනීමේ නිදහස ජනාධිපතිවරයා ලබාදුන් බවය.

අදාළ ප්‍රකාශය පාර්ලිමේන්තුවේ සිදුකරමින් නියෝජ්‍ය කතානායකවරයා උත්සාහ කළේ එජාප මන්ත්‍රී කණ්ඩායම තුළ ජනාධිපතිවරයාට එරෙහි අදහස තවත් වැඩිකරන්නට බවද එම පාර්ශවය අවධාරණය කර සිටියි.

දෙපාර්ශවයේ වෙනස පැහැදිළිවූ අවස්ථාවක්

යහපාලන ආණ්ඩුව කැඩීයාම, පක්ෂය යළිත් වතාවක් දෙකට බෙදීමේ අවධානම සහ ජනාධිපතිවරයා දේශපාලනිකව අවධානමකට පත්වීම යන මුලික කරුණු පදනම් කරගෙන තම පාර්ශවය විශ්වාසභංගය වර්ජනය කිරීමට යෝජනා කළ බවත් නමුත් ඒකාබද්ධ විපක්ෂයට ලබාදුන් පොරොන්දුව කඩකළ නොහැකි බව සඳහන් කරමින් අනෙක් පාර්ශවය ඊට විරුද්ධවූ බවද ඔවුන් පවසයි.

කෙසේ වුවත් තම පාර්ශවය කටයුතු කළ ආකාරය පිළිබඳ ගැටළුවක් නැති බවත් එහෙත් ජනාධිපතිවරයාව දුෂ්කරතාවයට පත් කිරීමට ගන්නා නින්දිත උත්සාහයට තමන් දැඩිව එරෙහි වන බවද එහි ප්‍රකාශකයකු සඳහන් කර සිටියේය.

එසේම පක්ෂයේ ගරුත්වය හෝ කැබිනට් සාමුහිකත්වය තුට්ටුවකට මායිම් නොකර කටයුතු කළ විශ්වාසභංගයට සහයදුන් ඇතැමුන් තවදුරටත් අමාත්‍යවරුන් ලෙස වරප්‍රසාද භුක්ති විඳින්නට සැලසුම් කරමින් සිටින බවත් සඳහන් කළ එම ප්‍රකාශකයා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලනිපය පසුබෑමට පවා මේ දෙබිඩිකාට්ටු හැසිරීම බලපෑ බවද සඳහන් කළේය.

ආණ්ඩුවට විරුද්ධව ජන්දය ලබාදුන්නා නම් නම්බු පිට විපක්ෂයට යායුතු බවත් එසේ නොකර තවදුරටත් ඇමති පට්ටම් රැකගෙන වරප්‍රසාද භුක්ති විඳින්න ගන්නා නින්දිත උත්සාහය හමුවේ ඔවුන් කවුරුන්ද යන්න සැබෑවට ඔප්පු වන බවද පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය - නිදහස් සන්ධානය නියෝජනය කරන බහුතරයක් මැති ඇමතිවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබූ විශ්වාස භංග යෝජනාවට අදාලව පැවති පාර්ලිමේන්තු විවාදය සහ ජන්ද විමසීමේ අවස්ථාවට වර්ජනය කර තිබිණ.

එම පිරිස මෙසේය.

මහින්ද අමරවීර
සරත් අමුණුගම
නිමල් සිරිපාලද සිල්වා
දුමින්ද දිසානායක
ෆයිසර් මුස්තාෆා
මහින්ද සමරසිංහ
රංජිත් සියඹලාපිටිය
විජිත් විජේමුණි සොයිසා
පියසේන ගමගේ
මොහාන් ලාල් ගේ‍්‍රරු
ශ‍්‍රියාණි විජේවික‍්‍රම
ලක්‍ෂමන් සෙනෙවිරත්න
ඒ.එච්.එම්. ෆවුසි
ඒ.එල්.එම්. හිස්බුල්ලා
ලසන්ත අලගියවන්න
සාරධී දුෂ්මන්ත
මනුෂ නානායක්කාර
ඉන්දික බණ්ඩාරනායක
නිශාන්ත මුතුහෙට්ටිගම
මලිත් ජයතිලක
වීරකුමාර දිසානායක
ආරුමුගම් තොණ්ඩමන්
කාදර් මස්තාන්
රාමනාදන් අංගජන්