BREAKING NEWS
latest

728x90

468x60

Thursday, August 31, 2017

කළු සල්ලි සුදු කිරීමේ චෝදනා සහිත නඩු ‍දෙකක් අද විභාගයට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති කළු සල්ලි සුදු කිරීම හෙවත් මුදල් විශුද්ධිකරණයට අදාළ තවත් නඩුවක් කොළඹ මහාධිකරණයේ අංක 07 හි දී අද (අගෝස්තු මස 31) දා පෙරවරුවේ විභාගයට ගැනීමට නියමිතය.

අයථා ලෙස උපයා ගන්නා ලද රුපියල් මිලියන 30ක මුදලක් 'ගවර්ස්' කෝපරේට් සර්විස් (පෞද්ගලික) සමාගම හරහා විශුද්ධිකරණය කල බවද චෝදනා කරමින්, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 241 වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත.

ඉන්දික ප්‍රභාත් කරුනාජීව, චන්ද්‍රසේකර පවිත්‍රීකා සුජානි බෝගොල්ලාගම, නිත්‍යා සේනානි සමරනායක, බටපොල ආරච්චිගේ ඔරනෙල්ලා ඉරේෂා සිල්වා යන පුද්ගලයින් ද මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම්කර තිබේ.

මෙම නඩුව සම්බන්ධයෙන් කල විමසීමකද පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, දැනට සිදුකෙරෙන විමර්ශනවලදී මේවනවිට සැකකරුවන් විසින් ගවර්ස් කෝපරේට් නමැති සමාගමක කොටස් මිලදී ගැනීම හා ඊට අදාළ වෙනත් ආයෝජන සඳහා යොදවා ඇති රුපියල් මිලියන 312ක මුදලක් සම්බන්ධයෙන් ද තොරතුරු ලැබී ඇති බවයි.

මේ නඩුවේ සෙසු විත්තිකරුවන් වූ ඉන්දික ප්‍රභාත් කරුණාජීව සහ ඉරේෂා ද සිල්වා යන අය මේ වන විට අධිකරණය මඟහැර ඕස්ට්‍රේලියාවේ මෙල්බන්හි පදිංචිව සිටිති.

නාමල්ගේ ෆෝඩ් මස්ටැංග් රථය :

මේ අතර, උපයාගත් ආකාරය සැක සහිත මුදල් යොදවා SP KS 2929 අංක දරන ෆෝඩ් මස්ටැංග් වර්ගයේ කාර් රථයක් මිලදී ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය සිදු කිරීම සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) විසින් ගොනුකර ඇති නඩුවක් ද හෙට (31දා) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ඩොලර් 49,850ක ණයවර ලිපියක් (LETTER OF CREDIT) මගින් මෙරටට ගෙන්වා ඇති එම සුපිරි මෝටර් රථය පසුව 'ශාන්ති' නමැති තැනැත්තියකට රුපියල් ලක්ෂ අසූවකට විකුණා ඇති බව FCID විසින් අධිකරණයට දැනුම් දී තිබිණ.

මෙම මෝටර් රථය මිලදී ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය සිදු කර ඇතැයි සැකය මත FCID විසින් විමර්ශන ආරම්භ කිරීමත් සමග මේවනවිට පොලිසිය බාරයට ගෙන තිබේ.
« PREV
NEXT »