BREAKING NEWS
latest

728x90

468x60

gossip

gossip/block-4/#cc0000

Advertisements

Latest Articles

Thursday, January 12, 2023

කිලෝ 5 හා කිලෝ 2.3 ගෘහස්ථ ගෑස් මිළත් පහළට.

පසුගිය ජුනි 29 වැනිදා සිට කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිළ රු.138.00 කින් අඩු කිරීමට සාපේක්ෂව කිලෝ 5 ක් හා කිලෝ 2.3 ක් වූ කුඩා ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිළ ද පිළිවෙලින් රු.55.00 කින් හා රු.25.00 කින් අඩු කර තිබෙන බවත්, තවමත් වැඩි මිළට ගෑස් විකුණන වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියට වැටලීම් කටයුතු සිදු කරන ලෙස තමන් නියෝග කළ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.

එම නිවේදනයේ වැඩි දුරටත් මෙසේද සඳහන් වේ.

විජයකලාට එරෙහිව පරීක්‌ෂණයක්‌ නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත ගැන පරීක්‍ෂණ සීඅයිඩියට භාර දුන්නා - අගමැති

රාජ්‍ය ඇමැති විජයකලා මහේෂ්වරන්ට එරෙහිව පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට තීරණය කර ඇතැයි ඊයේ (04 දා) පාර්ලිමේන්තුවේදී පැවැසූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පත විසින් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව සිදුකළ මූල්‍ය චෝදනාව සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුට භාරදී ඇතැයි කීය.

තහනම් කළ එල්. ටී. ටී. ඊ. සංවිධානය යළිත් ඇති කරන්න ඉඩනොදෙන අතර රටේ ඒකීයභාවය හා බුද්ධාගමේ ප්‍රමුඛතාව ආරක්‍ෂා කරන බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

සමාජ ව්‍යවසායකත්ව ක්‍ෂේත්‍රය ප්‍රචලිත කිරීමට සහය

රටක ආර්ථික සංවර්ධනයට හා සුභ සාධනයට සමාජ ව්‍යවසායකත්ව ක්‍ෂේත්‍රය ඉතා වැදගත් වන බවත්, එමඟින් මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට දිරිය හා ශක්තිය ලබා දිය හැකි බවත්, ඔවුන්ට යහපත් ආකාරයට ආර්ථික සංවර්ධනය වෙත, ඉළක්ක කර මෙහෙයවීමට හැකි බවත්, එම නිසා මෙම සමාජ ව්‍යවසායකත්ව ක්‍ෂේත්‍රයට ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය හෙවත් නෙඩා (NEDA) ආයතනය මඟින් පූර්ණ සහයෝගය ලබා දෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා කොළඹ ටාජ් සමූද්‍ර හෝටලයේදී පැවති “ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යවසායකයින් පිළිබඳ සමීක්ෂණ වාර්තාව” ප්‍රකාශයට පත් කිරීමේ උළෙලේදීය. මෙම වාර්තාව සම්පාදනය කර තිබුණේ බ්‍රිතාන්‍ය සභාවේ (කවුන්සිලය) අනුග්‍රහයෙන් ලංකා සමාජ ව්‍යාපාර හෙවත් Lanka Social Ventures ආයතනය මඟිනි. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය ආර්ථික හා සමාජ කොමිෂන් සභාව (ESCAP) හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ සහයෝගය ලැබුණි.

ජපානයේ MUFG බැංකුවෙන් මධ්‍යම අධිවේගයට බිලියන 100ක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 අදියර වන පොතුහැර සිට ගලගෙදර දක්වා වන කිලෝමීටර 32.5ක මාර්ග කොටස ජපාන බැංකුවල මූල්‍යකරණය යටතේ ඉදි කිරීමට කටයුතු සූදානම් කර ඇත. ඒ සඳහා අවශ්‍ය වන ජපාන යෙන් බිලියන 100ක අරමුදල් සලසා ගැනීමට ජපානයේ MUFG, Ltd බැංකුව සමඟ ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ගුවන් ඉන්ධන සඳහා රුපියල් මිලියන 800ක් ගෙවීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් එකඟතාවක්

සාර්ථක සුහඳ සාකච්ඡාවකින් පසුව ගුවන්යානා ඉන්ධන සඳහා ගෙවීමට තිබෙන ණය මුදල කොටස් වශයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ගෙවීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම එකඟත්වය පළ කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ නීල් ජයසේකර මහතා පවසයි. එම සාකච්ඡාව ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් මත 2018.07.02 දින පස්වරුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා‍වේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ. පොදු ව්‍යාපාර පිළිබඳ අමාත්‍යංශ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති දම්මික රණතුංග හා ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගමේ සභාපති රංජිත් ප්‍රනාන්දු යන මහත්වරු එම සාකච්ඡාවට එක්ව සිටියහ.

මහින්ද මට කෝටි සීයක් කතා කලා - රංජන් ආදරෙන් කතා කරද්දී විජයකලා රංජන්ට කියයි - වීඩියෝ

පසුගිය මැතිවරණ සමයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා රුපියල් කෝටි 100ක් හා කැබිනට් අමාත්‍යධුරයක් තමන්ට ලබාදීමට උත්සාහ කළ බව රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරුන් මහත්මිය පවසයි.


නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී විජයකලා මහේෂ්වරන් මහත්මිය ලබාගත් දුරකතන ඇමතුමක ඇතිවූ සංවාදයකදි මේ බව හෙළිවිය.

එසේම තමා එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගෙන ඒමට ප්‍රකාශ නොකළ බවත් ආවේගයෙන් කතා කරන විට වැරදි සිදුවන බවත් ඇය පැවැසුවාය.

*** එහිදී ඇතිවූ දුරකතන සංවාදය ***

මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ ගැටලු ජනපතිගේ අවධානයට

මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ජාවක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරිකයින් මුහුණදී සිටින ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් ජනාධිපතිතුමා දැනුවත් කෙරිණි.

රත‍්‍රන් සඳහා පැනවු සියයට 15ක ආනයන බද්ද සහ ස්වර්ණාභරණ කර්මාන්තය සඳහා එහි ඇති අහිතකර ප‍්‍රතිවිපාක පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර ඒ සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ යෝජනා කිහිපයක් ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

දෙසැම්බරයේ පළාත් සභා ඡන්දයට පියවර ගන්න - අගමැති උපදෙස්‌ දෙයි

දෙසැම්බරයේ ස්‌ථිර ලෙසම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිය නිලධාරීන්ට උපදෙස්‌ දී ඇත.

සංචාරක සත්කාරක නිවාස වැඩමුළුව දෙණියායේ දී

ශ්‍රී ලංකා සංචාරක සත්කාරක අධිකාරිය විසින් මෙහෙයවන තවත් සංචාරක සත්කාරක නිවාස වැඩමුළුවක් පසුගිය දා දෙනියාය කොටපොළ ප්‍රාදේශීයසභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

යහපාලනයෙන් දුන්න මාද්‍ය නිදහසෙන් වැඩියෙන්ම පහර කෑවෙ ජනපතියි - මාධ්‍ය වාරණය අදට වලංගු නෑ - මංගල

"මාධ්‍ය වාරණය" යන වචනය අදට වලංගු නොවන බවත්, වාරණ වෙනුවට සිදු කළ යුත්තේ සත්‍ය පුවත් වාර්තා කරන සැබෑ මාධ්‍යවේදීන් දිරිමත් කිරීම බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

2018 ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද (06) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ජනාධිපතිවරයා හෝ රජය මාධ්‍ය මගින් කුමන ආකාරයේ විවේචනයකට ලක් කළ ද පවතින මාධ්‍ය නිදහස කිසිදු සීමා කිරීමට ලක් නොකරන බව පවසන අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින්,

"බොහෝ විට ජනමාධ්‍ය පිළිබඳ එල්ල වන්නේ දෝෂාරෝපණ.එහෙම යුගයක ජනාධිපති සම්මාන උළෙලක් පිළිබඳ සාකච්ඡා කිරීමට සිදුව තිබෙන්නේ. අද වන විට ස්මාට් ජංගම දුරකතනයක් හිමි හැම දෙනෙකු ම මාධ්‍යවේදියෙක්. තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් අන්තර්ජාලය ක්ෂණිකව මුදා හරින්න පුළුවන්. ඒ නිසා වාරණය අදට වලංගු නෑ".

තිරසාර සංවර්ධන ගෝලීය ඉළක්ක කේන්ද්‍ර කරගෙන සමූපකාර ව්‍යාපාරය සංවර්ධනය වේ

අපගේ සමුපකාර ව්‍යපාරයට අභිමානවත් ගෞරවයක් හිමි කර දෙමින්, සමුපකාර ව්‍යාපාරය තුළ නවෝත්පාදනයන්ට දිරිය දෙමින් විවිධ සහයෝගී පාර්ශවයන් සමඟ හවුල් ව්‍යපාර ගොඩ නගමින්, තිරසාර සංවර්ධන ගෝලීය ඉළක්ක කේන්ද්‍ර කරගෙන අපගේ සමූපකාරය සංවර්ධනය කිරීමට මේ වන විටත් රජය පියවර ගෙන තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ 2018 ජූලි 07 වනදාට යෙදී තිබෙන ජාත්‍යන්තර සමූපකාර දිනය නිමිත්තෙන් ශුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමිනි.
එම නිවේදනයේ වැඩි දුරටත් මෙසේද සඳහන් වේ.

ඛනිජතෙල් සංස්ථාවේ සභාපතිට කෝටි ගණනක් වටිනා තවත් නිල රථයක් ලැබිලලු

ලංකා ඛනිජතෙල් සංස්ථාවේ සභාපති ධම්මිකර රණතුංග මහතාගේ පරිහරණය සඳහා කෝට් දෙකහමාරකට වැඩ වටිනාකමකින් යුත් වොල්වෝ XC90 රථයක් ගෙන්වා ඇති බව වාර්තාවේ.

ධම්මිකර රණතුංග මහතා ලංකා ඛනිජතෙල් තොග නිමාවේද සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර එම තනතුරට අදාලවද මීට මාස 06කට පමණ පෙර කෝටි 03කට ආසන්න මුදලක් වැය කර නවතම BMW රථයක් ගෙන්වාගෙන තිබේ.

හිරේ ඉඳන් කුඩු බිස්‌නස්‌ බෑ - එල්ලන්න අත්සන් කරනවා - ඒක පවක් නෙමෙයි - ජනපති ගැටඹේදී පවසයි

මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් අධිකරණයෙන් මරණීය දණ්‌ඩනය නියමවී දඬුවම් ලබමින් සිටියදීත් පුළුල් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ට මරණීය දණ්‌ඩනය ලබාදීමට ඉදිරියේදී ජනාධිපතිවරයා ලෙස තම අත්සන යොදන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 


මරණීය දණ්‌ඩනය පිළිබඳ බෞද්ධ සමාජයක්‌ ලෙස විවිධ මත පැවතියද, ලෝකයේ කිසිදු රටක නොමැති අන්දමින් බණ කියන සහ බණ අසන සමාජයක්‌ මෙතරම් වැරදි මග යනවා නම් එය පාලනය කිරීම සඳහා ගත යුතු තීන්දු තීරණ නිසි කලට ගත යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (11 දා) පෙරවරුවේ මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ පැවැති "මතට එරෙහිව පාසලෙන් ජවයක්‌" වැඩසටහනේ සමාරම්භක අවස්‌ථාවට එක්‌වෙමිනි. පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ගලවා ගැනීම සඳහා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශය සහ මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකාය එක්‌ව මෙම වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවනු ලබයි.

ඒකාබද්ධය සීනිගමදී පොල් ගසයි


රජය සිදුකරගෙන යන මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කරනු ලැබූ දේව කන්නලව්වක්‌ හා පොල් ගැසීමක්‌ ඊයේ (11 වැනිදා) හික්‌කඩුව සීනිගම දේවාලයේ දී පැවැත්විණි.
 

අපට ඕන මහින්ද විතරයි - ගෝටා ගැන කතා කරන්නවත් එපා - මහින්දගේ නිවස ඉදිරිපිට වෙල්ගම ඇවිලේ

අපට උවමනා කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයෙක් බවත් ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයා මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමන් බවත් එතනින් එහා ලෝකයක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

එක්‌කෙනෙක්‌ දෙන්නෙක්‌ එල්ලුවාට ප්‍රශ්නය විසඳෙන්නේ නෑ - ටිල්වින් සිල්වා

හෙරොයින් ජාවාරම්කාර දේශපාලනඥයන් නිදැල්ලේ සිටියදී කුඩු ගෙන්වන එක්‌ පුද්ගලයෙක්‌ දෙන්නෙක්‌ එල්ලා මැරීමෙන් ප්‍රශ්නය විසඳෙන්නේ නැතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (11 දා) ප්‍රකාශ කළේය.


ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ටිල්වින් සිල්වා මහතා මෙසේද කීය. 

නියඟයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක 12ක කාන්තාවන් විසින් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වෙතින් ලබාගෙන තිබූ ණය කපා හැරේ - ඇමති මංගල

නියඟයෙන් පීඩාවට පත් කාන්තාවන්ට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් ලබා දුන් ණය කපා හැරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා. රුපියල් ලක්ෂය දක්වා වූ ණය මුදල් මෙසේ කපා හැරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ සන්දේශයටයි මෙසේ අනුමැතිය හිමිවුණේ.

මෑතකාලීනව ඇති වූ නියඟය හේතුවෙන් කන්න පහක් එක දිගට හානිවූ දිස්ත්‍රික්ක 12ක කාන්තාවන් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ලබා ගෙන ඇති පරිභෝජනය සඳහා නොවන ණය මේ අනුව කපා හැරෙනු ඇති.

අනුරාධපුරය, කුරුණෑගල, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව, යාපනය, මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව, මන්නාරම සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල කාන්තාවන්ට මෙම සහනය සැලසෙනවා.

අදාල ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් ඉදිරියේ දී ලබා දෙන සියලු ණය වෙනුවෙන් සියයට 30ක පොලිය උපරිමයකට යටත් කිරීමට ද රජය තීරණය කර තිබෙනවා.

ඊළඟ අවුරුදු 3 ඇතුළත බදුල්ල, මහනුවර, ත්‍රිකුණාමලය හා අනුරාධපුර නගරවලට අලුත් තාක්ෂණික සහ වෘත්තීය පාසල් 04 ක්!

වාර්ෂිකව විශ්ව විද්‍යාලවලට ඇතුළු වෙන්නේ 25000ක් පමණ ශිෂ්‍යයන් පිරිසක් බවත් අවුරුද්දක් පාසා උසස් පෙළ සමත් වී විශ්ව විද්‍යාලයට යාගත නොහැකිව ඉතුරු වෙන ලක්ෂ 2ක් විතර තරුණ තරුණියන්ට කාර්මික වෘත්තියකට පිවිසෙන්න තියෙන අවස්ථා තව තවත් පුළුල් කල යුතු යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

Friday, February 08, 2019

සම්පත් බැංකු‌වේ බැංකු ලොක්කන්ගෙන් CID ය ප්‍රශ්න කරයි

සම්පත් බැංකුව තුල සිදුව ඇතැයි කියන මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් එම බැංකුවේ මෙහෙයුම් කළමනාකරුගෙන් ඇතුළු පිරිසකගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බව රහස් පොලිසිය කඩුවෙල ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා වෙත අද (07) දන්වා සිටියේය.


සම්පත් බැංකුවේ ගිණුම් හිමියන්ගේ අනුදැනුමින් තොරව රුපියල් කෝටි අටකට අධික මුදලක් විශ්වාසය කඩකර සාවද්‍ය ලෙස පරිහරණය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ පුළුල් පරීක්ෂනයේ වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරමින් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි.ටී.එන්. වීරසිංහ මහතා මේ බව දන්වා සිටියේය.

Saturday, July 28, 2018

පොලොන්නරුවේ ව්‍යාපෘති 180ක් ජනතා අයිතියට.

‘යළි පිබිදෙමු ‍පොලොන්නරුව’ වැඩසටහනින් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඉදි කළ ව්‍යාපෘති 180ක් ජනතා අයිතියට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අගෝස්තු 1, 2, 3 දිනවලදී සිදු කෙරේ.

එම ව්‍යාපෘති ජනගත කිරීමේ අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ඇමැතිවරු, විද්වත්හු හා කලාකරුවෝද එක් වෙති.