BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, August 29, 2017

පොලිස් උසස්වීම් පටිපාටිය ක්‍රමවත්ව සකසන්න - ඇමති සාගල

පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් පටිපාටිය ක්‍රමවත්ව සකස් කරන ලෙස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා උපදෙස් දී තිබෙනවා. පොලිස්පති පූජිත් ජයසුන්දර සහ ජේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් සමග ඊයේ (28) පැවති සාකච්ජාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී තිබෙනවා. දැනට පවතින උසස්වීමේ පටිපාටිය හේතුවෙන් පොලිස් නිලධාරීන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවයි අමාත්‍යවරයා එම සාකච්ජාවේදී පෙන්වාදී ඇත්තේ. විශේෂයෙන්ම ඇතැම් පොලිස් කොස්තාපල්වරුන් සහ සැරයන්වරු අවුරුදු විස්සක් පමණ එකම නිලයේ සිටින අතර ඔවුන්ට උසස්වීම් නොලැබීම කනගාටුවට කරුණක් බවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දෙනු ලැබීය. එපමණක් නොව උප පොලිස් පරික්ෂකවරුන්ටද මෙම කනගාටුදායක තත්වය අත්ව ඇති බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කලේ.

මෙම තත්වය හේතුකොටගෙන පොලිස් නිලධාරීන් අතර රාජකාරී කිරීමේදී සිය සේවය පිළිබඳව උද්යෝගයක් නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. විශේෂයෙන්ම ජනතාවට සමීප සේවාවක් සිදුකරන ශ්‍රී ලංකා පොලීසිය තුල නිලධාරීන්ගේ සිය වෘත්තීයට ඇති උද්යෝගය ඉතාමත් වැදගත්වන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කරනු ලැබීය.

එම නිසා ඉදිරි මාස හතරක කාල සීමාව තුල පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් පටිපාටිය පිළිබඳව ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස්කොට තීරණයක් ගන්නා ලෙසද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් උපදෙස් ලබාදුන් අතර මේ සම්බන්ධයෙන් පොලිස් කොමිසම සමගද සාකච්ජකර අවශ්‍ය පියවර ගන්නා ලෙස සඳහන් කළා.

එමෙන්ම පොලිස් උසස්වීම් සම්බන්ධයෙන් අධිකරණය තුල විභාගය වන නඩුද කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා ලෙසයි සාගල රත්නායක අමාත්‍යවරයා උපදෙස් දී ඇත.
« PREV
NEXT »