BREAKING NEWS
latest

728x90

468x60

Sunday, August 06, 2017

මරාවාදී කුමන්ත්‍රනයක් අතේ පත්තුවේ - මත්ද්‍රව්‍ය චෝදනාවට මංගලගේ ලේකම් සම්බන්ධ නෑ

මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ලේකම්වරයකු අත්අඩංගුවට ගෙන ඇති බවට පැතිර යන වාර්තා අසත්‍ය බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කියා සිටියේය.

ඔහු මේබව කියා සිටියේ කුඩු තොගයක් සමඟ මංගලගේ ලේකම්වරයකු අත්අඩංගුවට යනුවෙන් ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ වෙබ් අඩවියක වන වාර්තාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදීය.

කෙසේවුවද, විශේෂ පොලිස් කාර්යය බලකාය විසින් කළ පරික්ෂාවකදී ලේකම්වරයා ගමන්ගත් මෝටර් රථයේ සිටියෙකු සන්තකයේ තිබි මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

අදාළ සැකකරු මත්ද්‍රව්‍ය තමන්ගේ බව පිළිගෙන ඇති අතර, ඒ අනුව සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් සී.ඒ. ධර්මරත්න මහතා හමුවට පැමිණවීමෙන් පසුව මත්ද්‍රව්‍යවල හිමිකරු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සෙසු සැකකරුවන් ඇපමත මුදාහැර තිබේ.

ප්‍රධාන සැකකරු හැර සෙසු අය එම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කිසිවක් නොදැන සිටි බව පොලිස් මූලික පරීක්ෂණවලින් හෙළිවූ බව පොලිසිය අධිකරණයට දන්වා ඇත.

සැකකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ උපුල් කුමාරප්පෙරුම, සංජය ආරියදාස හා ජනාධිපති නීතීඥ කාලංග ඉන්ද්‍රතිස්ස මහතා වෙනුවෙන් තවත් නීතීඥයින් පිරිසක්ද පෙනී සිටියහ.
« PREV
NEXT »