BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, August 23, 2017

මාර්ග ව්‍යාපෘති හයක් සඳහා පරිපූරක ඇස්තමේන්තුවක්- කැළණි ගඟ හරහා නව පාලමක් - ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල

කැළණි ගඟ හරහා නව පාලමක් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් 2017 වසරේ ඔක්තෝබර් මස ඉදිකිරීම් අරම්භ කිරීමට නියමිත බව සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

ප්‍රධාන මාර්ග ව්‍යාපෘති හයක් ක්‍රියාත්මක කිරීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් අනුමතකරගැනීම සඳහා විවාදයට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීම, කොළඹ පිටත වටරවුම් මාර්ගය ව්‍යාපෘතිය, තුන්වන ප්‍රමුඛතා මාර්ග ව්‍යාපෘතිය පළමුවන අදියර, ඒකාබද්ධ මාර්ග සංවර්ධන වැඩසටහන, තුන්වන ප්‍රමුඛතා මාර්ග ව්‍යාපෘතිය දෙවන අදියර, නව කැලණි පාලම ඉදිකිරීම් ව්‍යාපෘතිය යන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මෙම මුදල් යෙදවෙන බව අමාත්‍යවරයා පැවසී ය.

සමස්තයක් ලෙස රුපියල් බිලියන 53ක මුදලක් අතිරේක ප්‍රතිපාදන ලෙස ඉල්ලුම් කරනු ලබයි. දක්ෂිණ අධිවේගී මාර්ගය ගොඩගම සිට හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමට අදාළ ඉදිකිරීම් සීඝ්‍රයෙන් සිදු කෙරෙමින් පවතිනවා. ඉදිකිරීම් කොටස් හතරක් යටතේ සිදු කෙරෙනවා. රුපියල් මිලියන 265,374ක් වැය කිරීමට ඇස්තමේන්තු කර තිබෙනවා. මෙම අධිවේගී මාර්ගය 2019 වසර අවසානයේ දී මහජනතාවට විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා.

පිටත වටරවුම් මාර්ගයේ තුන්වන කොටස කඩවත සිට කෙළවර පිටිය දක්වා ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙනවා. ඉදිකිරීම් මේ වනවිට සියයට 27%ක් අවසන් කර තිබෙනවා.තුන්වන ප්‍රමුඛතා මාර්ග ව්‍යාපෘතිය සියයට 63%කින් අවසන් කර තිබෙනවා.මෙම ව්‍යාපෘතිය වසර 2018 දී අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒකාබද්ධ මාර්ග ව්‍යාපෘතිය යටතේ පළාත් බද හා ග්‍රාමීය මාර්ග කිලෝමීටර 130ක් ද ජාතික මාර්ග කිලෝමීටර 400ක් ප්‍රතිසංස්කරණය කරනවා.

නව කැලණි පාලනම හරහා වසර 2020 මාර්තු මස අවසන් වනවිට දැනට කැලණි පාළමේ ඇති වාහන තදබදය අවම කිරීමට හැකිවනු ඇති බවද අමාත්‍යවරයා පැවසී ය.
« PREV
NEXT »