BREAKING NEWS
latest

728x90

468x60

Sunday, August 27, 2017

අන්තවාදී සංවිධාන විජේදාසගේ සහයට

ඇමැති ධුරයෙන් ඉවත් කෙරුණු විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව එල්ල වන චෝදනා වලින් ඔහු ආරක්ෂා කිරීමට බොදුබල සේනා සහ සිහළ රාවය වැනි අන්තවාදී සංවිධාන කිහිපයක් එක් වී තිබේ.

මේ සංවිධාන පසුගිය දින කිහිපයේ පෙන්වා දී තිබුණේ විජේදාස රාජපක්ෂ ඉවත් කිරීම පිටුපස ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් ඇති බවයි. එසේම 2020 ට පිරිසිදු පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව ද මේ සංවිධාන පවසා තිබිණි. 
කෙසේ වෙතත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ සංවිධාන සමග විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා කාලයක සිට සමීප සම්බන්ධතා පවත්වා ඇති බවයි. සංහිඳියාව සිය මූලික ප්‍රතිපත්තියක් බවට පත්කරගෙන කටයුතු කරන වර්තමාන ආණ්ඩුවේ ප්‍රබල ඇමැති ධුරයක් දැරූ අයකු එසේ අන්තවාදී සංවිධාන සමඟ කටයුතු කිරීම දිගින් දිගටම විවේචනයට ලක් වී තිබිණි. එසේම අද වනවිට විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ප්‍රධානතම චෝදනාව වී ඇති හම්බන්තොට වරාය ගිවිසුමට අදාළ ගිවිසුම් පත්‍රය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමේදී විරුද්ධ නොවීමත්, ඔහුගේ අමාත්‍යංශය භාරයේ තිබූ නීතිපති දෙපාර්තමේන්තුව හරහා එය ව්‍යවස්ථාවට අනුකූල බව පවසන විට කිසිවක් නොපවසා සිටීමත්, හදිසියේ ඇමැති ධුරයෙන් ඉවත්කිරීමෙන් පසු බරපතළ විරෝධයක් මතුකිරීමත් ගැටලුසහගත බව දේශපාලන විචාරකයන්ගේ අදහසයි.

ජනිත ප්‍රසාද් සේනානායක
« PREV
NEXT »