BREAKING NEWS
latest

728x90

468x60

Friday, September 29, 2017

සංචාරක ව්‍යාපාරයෙන් 2020 වනවිට බිලියන 7ක ආදායමක්

සංචාරක ව්‍යාපාරය හරහා 2020 වනවිට රුපියල් බිලියන 7ක ආදායමක් ලබාගැනීමට කටයුතු කරන බවත් රැකියා අවස්ථාවන් ලක්ෂ 6ක් ඇති කිරිමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කාවන් රත්නායක මහතා අනාවරණය කෙළේය.

ඒ සඳහා සිව්වසරක උපාය මාර්ගිය සැලසුමක් රජය සතු බවත් තිරසර සංචාරක ව්‍යාපාරයේ මූලධර්මයන්ට දැඩිලෙස අනුගතව සංචාරක ව්‍යපාරය නංවාලීමට කටයුතු කරන බවත් රත්නායක මහතා සඳහන් කෙළේය.

ජාත්‍යන්තර සංචාරක දිනය නිමිත්තෙන් කොළඹ 07 ආකේඩ් පරිශ්‍රෙය්දී (27) පැවැති උත්සවයට සහභාගී වෙමින් එසේ කී සභාපතිවරයා සංචාරක ව්‍යාපාරය මඟින් සුළු හා මධ්‍ය පරමාණ ව්‍යාපාරිකයින්ට අවස්ථා ලබාදීමටත් පියවර ගෙන ඇතැයිද කීය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කාවන් රත්නායක මහතා

සංචාරක කර්මාන්ත යනු ශ්‍රී ලංකාවේ තුන්වන පහළම ආදායම් කර්මාන්තය වේ. මේ ව්‍යාපාරය මඟින් විශාල විදේශ විනිමයක් හා සේවා නියුක්තියේ වර්ධනයක් දක්නට ලැබේ.

සංචාරක කර්මාන්තය මඟින් රට පුරා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට හා ව්‍යාපාරිකයින්ට විවිධ අවස්ථා නිර්මාණය වී තිබේ. තිරසර සංචාරක ව්‍යාපාරයේ මූලධර්මයන්ට දැඩිලෙස අනුගතවසංචාරක ව්‍යපාරය හා සම්බන්ධ සිව්වසරක උපාය මාර්ගික සැලැස්මක් අප සතුයි. 2020 වන විට සංචාරක ව්‍යාපාරයේ ආදායම හා රැකියා අවස්ථාවන් දෙගුණයක් ඇති කිරිමට පියවර ගන්නවා.

ස්වබාවික හා සංස්කෘතික උරුමයන් පිළිබඳ ලෝක මට්ටමේ කළමනාකරණය, දිවයින වටා හා ඒ අව ශක්තිමත් සබඳතා, සුරක්ෂිත ගමනාන්තයක් සහිත කිරීම, ප්‍රජා සහභාගිත්වයෙන් ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර තිබෙනවා.

සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා-සංචාරක කේන්ද්‍රස්ථාන හරහා තිරසර සංචාරක ව්‍යාපාරය ප්‍රවාර්ධනය කර 2020 වන විට සංචාරක ක්ෂේත්‍රෙය් ආදයම වැඩිකිරිමට පියවර ගන්නවා. 2020 වනවිට සංචාරක ක්ෂේත්‍රය තුළ බිහිව තිබෙන රැකියා ප්‍රමාණය දෙගුණ කිරිමට බලාපොරාත්තු වනවා.ලෝකය තුළ හොඳම සංචාරක රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්කිරිමට කටයුතු කරනවා. සංචාරක ව්‍යාපාරය පදනම් කරගත් ආර්ථික සහිත රටවල් හා කලාපයන් තිරසාර නොන සංචාරක කර්මාන්තයට ඇතිවී තිබෙන සමාජීය හා සංස්කෘතික ගැටළු විසදීමට වැඩි අවධානයක් යොමු කරනවා.

මෙහිදී සංචාරක ආරක්ශනය වැඩිකර ගැනීම සඳහා ග්‍රන්ථ තුනක් දොරටවැඩුම සිදු කළ අතර, සංචාරක ප්‍රවර්ධනය සඳහා ප්‍රදර්ශනනයක් සංවිධාන කර තිබේ.

දිවයින පුරා පාසල් මටිටමින් සංචාරක දිනය නිමිත්තෙන් රචනා තරඟ පවැත්වා ජයග්‍රහකයින්ට ත්‍යාග ප්‍රදානයද මෙහිදි සිදු කෙරෙණි.

ඊට අමතරව සංචාරක කර්මාන්ත පිළිබඳ ඡායාරූපකරණයේ යෙදී හොඳම ඡායාරූප ලබාගත් ඡායාරූප ශිල්පීන්ට ත්‍යාග හා මුදල් ප්‍රධාන ලබාදීමට මෙහිදී සිදු කෙරෙණි.
« PREV
NEXT »