BREAKING NEWS
latest

728x90

468x60

Friday, September 29, 2017

සුළුතර චන්ද මුළු මුනින්ම අතුගා රාජ්‍ය බලය ලබාගැනීමේ ගෝඨාභයගේ සැලැස්මක් එළියට

මියන්මාරය තුළ පැනනැගී ඇති අභ්‍යන්තර දේශපාලන තත්ත්වය මගින් නිර්මාණය වී ඇති රොහින්ග්‍යා සරණාගතයන් පිළිබඳ අර්බුදය යොදා ගනිමින් මෙරට පටු දේශපාලනික අරමුණු සහිත පුද්ගලයින් හා සංවිධාන විසින් මෙරට ජාතීන් හා ආගම් අතර සංහිඳියාවට තර්ජනයක් වෙමින්, අසත්‍ය ප‍්‍රචාර හරහා සමාජය නොමග යැවීමට උත්සාහ දරමින් තිබේ. ශ‍්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය (UNHCR) වෙත නිල වශයෙන් බාර දී සිටි රොහින්යා සරණාගතයින් පිරිසක් එම කාර්යාලයේ රැඳවුම් භාරයේ රත්මලාන ප‍්‍රදේශයේ තාවකාලිකව නවාතැන් ගෙන සිටියදී පසුගිය 26 වන දින සිදුකළ එම නීතිවිරෝධී ක‍්‍රියාව පිළිබඳව කණගාටුව පළකළ යුතුය. මෙම සිදුවීමෙන් පොලිස් නිලධාරීන් තුන්දෙනෙකුට (03) ද, තුවාල සිදුවී තිබේ. මෙම කළහකාරී සිදුවීමෙන් අනතුරුව එම රොහින්යා වැසියන් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ ඉල්ලීම මත බූස්ස ප‍්‍රදේශයේ රැඳවුම් කඳවුරකට යොමුකිරීමට කටයුතු යොදා තිබේ.

රොහින්යා සරණාගතයින් මෙරටට පැමිණ ඇත්තේ මෙම අවස්ථාවේ පමණක් නොවේ. මීට පෙර අවස්ථා කීපයකදී ද, මියන්මාරයේ රොහින්යා සරණාගතයින් මෙරටට පැමිණ ඇති අතර ඔවුන්ද, එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය හරහා වෙනත් රටවලට යැවීමට කටයුතු කර ඇත. 2008 මාර්තු මස 03 වන දින රොහින්යා සරණාගතයින් පනස් පස් දෙනෙකු (55) ශ‍්‍රී ලංකාවේ මුහුදු සීමාවේදී නාවික හමුදාව විසින් බේරාගනු ලදුව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය වෙත භාරදී තිබේ. එම සරණාගතයින් 2012 වසරේ ජූලි මාසයේදී දිවයිනෙන් බැහැරව ගොස් ඇත. 2013 වසරේ පෙබරවාරි මාසයේදී බෝට්ටු දෙකකින් පැමිණි තවත් රොහින්යා සරණාගතයින් එකසිය පස් දෙනෙකු (105) නාවික හමුදාව විසින් බේරාගෙන එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය වෙත භාරදීමෙන් පසු ඔවුන් 2015 නොවැම්බර් මාසයේදී දිවයිනෙන් බැහැරව ගොස් තිබේ.

මීට පෙර රොහින්යා සරණාගතයන් පැමිණි අවස්ථාවලදී මෙවැනි විරෝධයක් දැක්වීමට මෙරට කිසිදු සංවිධානයක් කටයුතු නොකිරීමෙන් හා මෙවර අනපේක්ෂිත ලෙස එවැනි විරෝධතා දැක්වීමට හේතුව විවිධ දේශපාලනික සංවිධානවල පටු දේශපාලනික අරමුණු මුදුන්පමුණුවා ගැනීමට උත්සාහ ගැනීම බව පැහැදිලි වනු ඇත.

පසුගිය පාලන කාලය සමයේ විවිධ ජාතිවාධි සංවිධාන බිහිකර ජනතාව අතර විවිධ කලබල සිදුකර රටේ දැවෙන ප්‍රශ්න මගහැර සිටියේ ඝෝටාභය රාජපක්ෂ මහතාගේ අනු දැනුමෙන් බව කවුරුත් දන්නා කරුණක්. බොදු බල සේනා වැනි අන්ත ආගම් වාදී කණ්ඩායම් සමග එකතුවී තමන්ට එරෙහිව යන සුලුජාතින් මැඩලීමට ගෝඨාභය කටයුතු කරන ලදි.

රාජ්‍ය බලය ගිලිහිමත් සමගම ගෝඨාභය රාජපක්ෂ ගෙන් ඉහත දක්වන ලද සංවිධාන වෙන්වී යන ලදී. ඉතා දරදඬු කුරිරු පාලකයෙක් ලෙස සැලකෙන ඝෝඨාභයගේ සිහිනය වී ඇත්තේ 2020දි ජනාධිපති වීමයි. මේ සඳහා දැන් සිටම පිඹුරුපත් සලසන ඝෝඨාභයගේ හෙන්චයියන් ඔහුට අවභෝද කරදී ඇත්තේ ඔහුට කිසිදිනක ලංකාවේ සුළුතරයන්ගේ චන්ද දිනා ගැනීමට නොහැකි වන බවයි. එසේ උවහොත් ලකාවේ සුළුතර චන්ද දායකයින් සමුල ඝාතනයකර හෝ රාජ්‍ය බලය ලබා ගැනීමට ඝෝඨාභය සුදානම් වනු ඇත මෙවැනි සන්විධාන බිහිකර ඔහු කරගෙන යන්නේද එම ක්‍රියාවලියයි.

එමනිසා, විවිධ පුද්ගලයින් හා සංවිධාන විසින් මෙරට ජාතීන් හා ආගම් අතර සංහිඳියාවට තර්ජනයක් වෙමින්, පටු අරමුණු ඉටුකර ගැනීම සඳහා සිදුරනු ලබන මෙවැනි අසත්‍ය හා සමාජය නොමග යවන සුළු ක‍්‍රියාවලට නොරැවටී බුද්ධිමත්ව හා විචාරශීලීව කටයුතු කරන ලෙස සෑම පුරවැසියෙකුගෙන්ම කාරුණිකව ඉල්ලා සිටී.
« PREV
NEXT »