Get all the latest news and hot gossip, gossip Lanka news, Sri Lanka exclusive news, Sri Lankan daily hot Sinhala and English gossip news and much more on gossip99.com

Advertisements

Loading...

KELIBIMA

CONTACT EDITOR

FACEBOOK

Loading...

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය දා ආරම්භ කරන්නට යෙදුනු ‘එලිය’ නම් සංවිධානය ජනතාව රැවටීම සඳහා අටවා ගත් තවත් රාජපක්ෂ උප්පරවැට්ටියක් බව ‘පුරවැසි සංවිධාන එකමුතුව’ පවසයි. ඊයේ (14) මරදාන CSR ශාලාවේදී පුරවැසි සංවිධාන එකමුතුව කැඳවා තිබු මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කෙරින.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුරවැසි සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු අකලංක හෙට්ටිආරච්චි මහතා,

“මාධ්‍යවේදීන් අමු අමුවේ ඝාතනය කරපු, කටුනායක,හලාවත නිරායුධ උද්ඝෝෂකයින්ට හමුදාව යොදවලා පහර දීල මරපු, වැලිකඩ සිරගෙදරට පැනලා ආරක්ෂක අංශ විසින් සිරකරුවන් මරා දැමුණු බවට චෝදනා ලබපු යුගයක රටේ ආරක්ෂාව භාර ප්‍රධානියා වුනේ ගෝඨාභය රාජපක්ෂ. ඔහු මේ සිදුවුණු සිදුවීම් වලට යුක්තිය ඉටුකරන්න ආරක්ෂක ප්‍රධානියා විදිහට කිසිවක් සිදුකලේ නෑ එකල. ඒකනිසා මේ රටේ මිනිස්සුන්ට සාධාරණ සැකයක් එදා ඉඳල අද වෙනකම් තිබෙනවා මේ ඝාතන වලට ඔහු වගකිව යුතුයි කියලා.

මේ සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් තවම සිදුවෙලා නෑ. ලසන්තගේ ඝාතනය, ප්‍රගීත්ගේ අතුරුදන් වීම සම්බන්ධව පමණක් නෙමෙයි අහිංසක පාසල් සිසුන්, ව්‍යාපාරිකයින් කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම් වලට පවා ආරක්ෂක අංශ වල ඇතැම් පිරිස් සම්බන්ධයි කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබෙනවා. ඉතින් රටක ආරක්ෂාව භාර ප්‍රධානියා නොදැන එහෙම දේවල් වෙන්න පුලුවන්ද? මේ සම්බන්ධ පරීක්ෂණ කඩිනමින් ක්‍රියාත්මක වෙලා එම අත්අඩංගුවට ගත්ත නිලධාරීන්ට අණදුන් පුද්ගලයින් සොයා ගන්නා තුරු අප වසර දෙකක් තිස්සේ දෑස් අයා බලාගෙන ඉන්නවා.

එහෙව් තත්ත්වයක් තිබෙද්දී මිනිස්සු මැරිලා ඉපදිලා කියලා හිතලද දන්නේ නෑ අලුත් අලුත් සංවිධාන හදාගෙන මේ චෝදනා වලට ලක් වෙච්ච උදවිය අලුත් වටයකින් පව් සමා කරගෙන දේශපාලන පිම්මක් පනින්න හදන්නේ. අපි දැක්කා පසුගිය දා ගෝඨාභය රාජපක්ෂ “එලිය” කියලා අලුත් සංවිධානයක් හදාගෙන අලුත් වටයකින් කළඑළි බහින්න සූදානම් වෙන ආකාරය. සුපිරි හෝටල්වල මේ විදිහට සංවිධාන එළිදක්වන්න මේ මිනිස්සුන්ට සල්ලි කොහෙන්ද? අපි දැක්කා කවුද ඒ සංවිධානය එළි දක්වන්න ඇවිත් හිටියේ කියලා. ජාතිවාදය අවුලුවලා පසුගිය කාලයේ රට ගිනිතියපු මිනිස්සු තමයි හිටියේ එතන. යුද්ධෙන් පස්සේ මේ රටේ සංහිඳියාව ඇතිකරලා සමාජ පරිවර්තන යුගයකට යන්න තිබුණ අවස්ථාව නැතිකරලා, පලිගැනීම් වලින් දේශපාලන අවස්ථාවාදයට පාර කපපු මිනිස්සු මේ පෙන්නන “එළි” භූත ‘එළි’ මිසක් දේවතා ‘එළි’ නොවන බව මේ රටේ මිනිස්සු දන්නවා. මේ එළි පස්සේ යන උන්ට වෙන්නේ පහන් දැල්ල පස්සේ යන පලගැටියන්ට වෙන දේ බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑ.”

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා මහතා ප්‍රකාශ කර සිටියේ, “එලිය” පස්සේ යන මිනිස්සුන්ට ‘බඩ එලිය’ යන දවස වැඩි ඈතක නොවන බවයි. 2014 අලුත්ගම බේරුවල ජාතිවාදයෙන් ගිනි තියද්දි ඒක මෙහෙයවපු විවිධ සංවිධාන, අන්‍ය ජාතිකයින්ගේ වෙළඳ ව්‍යාපාර ගිනි තියන්න උල්පන්දම් දීපු අය, වගේම 83 දී බොරැල්ලේ දෙමළ කඩ කඩන්න දෙමල මිනිස්සු මරන්න කටයුතු කරපු බවට චෝදනාවට ලක්වූ ඇතැම් ජාතිවාදී කොටස් පවා මේ “එලිය” එක්ක අත්වැල් බැඳ ගෙන ඇතිබව පෙනී යාමෙන් මේක මේ රටේ සාමාන්‍ය පොදු ජනතාවට ‘මර එළියක්’ වන බව අවබෝධ කරගන්න අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නොවන බව චමීර පෙරේරා මහතා වැඩිදුරටත් අවධාරණය කලා.

එමෙන්ම මහින්ද රාජපක්ෂ විසින් සුදුරෙදි සඳහා මිලියන 600 ක මැතිවරණ දූෂණයක් සිදුකිරීම සාධාරණීකරණය කිරීමට මේ දිනවල කටයුතු කරන ආකාරය ලජ්ජා සහගත බව පැවසූ චමීර පෙරේරා මහතා ඔහුට අවශ්‍ය නම් මෙම නඩුවේ සාක්කිකරුවකු ලෙස උසාවිය හමුවේ ඒම කටයුත්තට එන දුන්නේ තමා බැවින් අදාළ නිලධාරීන් නිදොස් බව ප්‍රකාශ කිරීමට අවස්තාව තිබු බව ද එසේ නොකර නඩු තීන්දුව දුන් පසුව හන්දියක් හන්දියක් ගානේ කණු පල්ලෙයි බස් හෝල්ට් වලයි ප්‍රකාශ නිකුත් කර කර යාම දේශපාලන තක්කඩි කමක් මිසක අන් කිසිවක් නොවන බවද අවධාරණය කරනු ලැබීය.

If You Like To Help Us
Gossip Lanka - Gossip99
wmf.a kj;u mqj;a my;ska n,kak
gossip , gossip Lanka, col3neg ______________________________________________________________
© 2016 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact Here Editor - Contact Here
All the content on this website is copyright protected.
_______________________________________________________________________________________ www.Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Ananmanan

GOSSIP99

Advertisements

Loading...

BOOK MARK

VIDEO PORTAL