BREAKING NEWS
latest

728x90

468x60

Friday, September 29, 2017

රාජ්‍ය පරිපාලන සේවා විභාගයේ ගැටලු මතු වූ ප්‍රශ්න පත්‍රය අවලංගු කර නැවත තියන්න - අකිල

රාජ්‍ය පරිපාලන සේවා විවෘත තරග විභාගයේ ගැටලු මතු වූ බුද්ධි පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍රය වහා අවලංගු කොට ඒ සඳහා නැවත විභාගයක් පවත්වන ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්. ජේ. පුෂ්පකුමාර මහතාට ඊයේ (28) නියෝග කර ඇත.

එමෙන් ම අදාළ ප්‍රශ්න පත්‍රය සකස් කළ බාහිර විද්වතුන්ගෙන් සමන්විත ප්‍රශ්න පත්‍ර සම්පාදක මණ්ඩලය විභාග කටයුතුවලින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ද ඇමැතිවරයා උපදෙස් ලබා දී ඇත.

රාජ්‍ය පරිපාලන සේවා විවෘත තරග විභාගයේ ප්‍රශ්න පත්‍ර 5 අතරින් බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයේ අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පසුගිය ප්‍රශ්න පත්‍ර කිහිපයකින් උපුටාගත් ඒවා බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස ද අධ්‍යාපන ඇමැතිවරයා විභාග කොමසාරිස්වරයාට උපදෙස් ලබා දී තිබූ අතර, එහි විමර්ශන වාර්තාව ද මෙහිදී සැලකිල්ලට ගෙන තිබේ.

විභාග දෙපාර්තමේන්තුව ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් සමඟ ඊයේ සාකච්ඡාවක් පවත්වා ඇති අතර, සාකච්ඡාවේදී ඇමැතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත. විභාග කටයුතුවලට අදාළ රහස්‍යභාවය ආරක්ෂා කිරීම, ප්‍රශ්න පත්‍ර සකස් කිරීම සහ ඊට අදාළ උත්තර පත්‍ර සකස් කිරීම, පරිගණක පද්ධතිවල රහස්‍යභාවය ආදී කරුණු රැසක් පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී දීර්ඝ වශයෙන් නිලධාරීන් සමඟ කරුණු සාකච්ඡා කර තිබේ. විභාග සම්බන්ධයෙන් ජනතාව තුළ පවත්නා විශ්වාසනීයත්වය හා පිළිගැනීම ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වගකීමෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කර ඇති අමාත්‍යවරයා, යම් නිලධාරියකු එම වගකීම පැහැර හරින්නේ නම් තරාතිරම නොබලා දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද ප්‍රකාශ කර ඇත.
« PREV
NEXT »