BREAKING NEWS
latest

728x90

468x60

Friday, September 08, 2017

අරුන්දික - චන්ද්‍රිකා ගැටෙති.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී වචන හුමවාරුවක් සිදුව ඇතැයි වාර්තා වේ.

ඒකාබද්ධ විපක්ෂයට වෙනම පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට අවසර ලබාදුන් ආකාරයට ශ්‍රීලනිප ඇමතිවරුන්ටද පාර්ලිමේන්තුව තුළ වෙනම අසුන් ගැනීමට අවසර ලබාදෙන ලෙසට අරුන්දික ප්‍රනාන්දු මහතා ඉල්ලීමක් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගියදා (06දා) රාත්‍රියේදී පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තත්ත්වය ඇති වී තිබේ.

එසේ නොවේනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීමට කැපවිය යුතු බවත්,තවදුරටත් එක්සත් ජාතික පක්ෂය සමග සිටීමෙන් පාක්ෂිකයන්ගේ කලකිරීමට ලක්වීමට සිදුවනු ඇති බවත් පෙන්වාදී ඇති මන්ත්‍රීවරයා ආණ්ඩුවේ ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති නොවන නිසා ශ්‍රීලනිප අනන්‍යතාව රැකගනිමින් පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටීම සඳහා ඇමතිවරුන් කණ්ඩායමක් තීරණය කර ඇතැයි සඳහන් කර ඇත.

මෙම අවස්ථාවේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පෙන්වා දී ඇත්තේ එක්සත් ජාතික පක්ෂය අත්හැර මිනීමරුවන් දූෂිතයන් සමග ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බවත්, එක්සත් ජාතික පක්ෂය සමග එක්වීම නිසා මහින්ද රාජපක්ෂ මහතාගෙන් රටත්, පක්ෂයත් බේරාගැනීමට හැකි වූ බවත්ය.

කෙසේ වෙතත් අරුන්දික ප්‍රනාන්දු මහතා විසින් මෙම ප්‍රකාශයට විරෝධය පළකිරීමත් සමග මධ්‍යම කාරක සභාව දැඩි උණුසුම් ස්වභාවයක් ගත් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම අවස්ථාවට සහභාගි වූ සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියා ඇත්තේ ඉදිරි මැතිවරණවලදී පක්ෂය දිනවීමට අවශ්‍ය නම් බිම් මට්ටමේ සහාය ඇති ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව ගමනක් යා යුතු බවයි.

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට මේ මොහොතවනවිට වැඩි ජනතා ප්‍රසාදයක් තිබෙන බවත්,ඔවුන් සමග එකතු නොවුවහොත් ඉදිරි මැතිවරණ පරාජයට පත්වීමට ඉඩ ඇති බවත් ප්‍රේම්ජයන්ත් මහතා පෙන්වා දී ඇතැයිද වාර්තා වේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සුසිල් ප්‍රේම්ජයන්ත්,නිමල් ලන්සා,අනුර යාපා,අරුන්දික ප්‍රනාන්දු,දුලිප් විජේසේකර, ජෝන් සෙනෙවිරත්න,ටී.බී.ඒකනායක යන ඇමතිවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අනතුරුව වෙනම සාකච්ඡාවක පවත්වා ඇතැයිද වාර්තා වේ.

සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මෙහිදී ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ සියලු වැරදිවලට තමන් ඇතුළු කණ්ඩායමට කර ගැසීමට සිදුවන බැවින් වෙන්වීමට අවසර ලබාදෙන ලෙසයි.

එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ තමන් හෝ මහින්ද රාජපක්ෂ මහතා හෝ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඊළඟ ජනාධිපතිවරණයට තරග නොකරන බවත්,ඒ සඳහා ඇමතිවරුන් කණ්ඩායම එක්වී වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත්ය.
« PREV
NEXT »