Saturday, November 25, 2017
Home
Gossip Lanka News
ක්‍රිබ් (CRIB) එකේ නම ඇති අයට මංගල ණය දෙන්න කියයි
ක්‍රිබ් (CRIB) එකේ නම ඇති අයට මංගල ණය දෙන්න කියයි
-
Saturday, November 25, 2017
ණය තොරතුරු කාර්යාංශයට (CRIB) වාර්තා වී ඇති අපනයන හැකියාවන් සහිත දේශීය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ටත් රැකවරණ අරමුදලේ සහාය ලබාදී, බැංකු මඟින් මූල්‍ය පහසුකම් සැලසීමට රජය තීරණය කොට ඇතැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා කියයි.
දැනට ණය මුදල් ලබාගෙන ණය ගෙවීමට නොහැකිව සිටින කර්මාන්තකරුවන් සඳහාද මේ යටතේ ණය මුදල් ලබාදීමට නියමිත ය.
ඉදිකටුවේ සිට ගුවන්යානය දක්වා පිටරටින් ගෙන්වීමේ කලාව වෙනුවට දේශීය නිෂ්පාදකයන්ගේ නිපැයුම් පිටරට යැවීම දිරිගැන්වීම සඳහා රජය ආරම්භ කළ දැවැන්ත වැඩපිළිවෙළ යටතේ මේ සහනය හිමි වන බවද ඇමැතිවරයා කීය.
අපනයන හැකියාවෙන් යුතු දේශීය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට මින් විශාල සහනයක් හිමි වනු ඇත.
ඊට අමතරව අපේ රටේ නිෂ්පාදකයකු පිටරටක පවත්වාගෙන යන වෙළෙඳ ව්‍යාපාරයක සාප්පු හා රාක්ක ඉඩකඩ වෙනුවෙන් ගෙවිය යුතු කුලී මුදල් සඳහා මාස 36ක් දක්වා කුලී මුදල් සහනයක් ලබාදීමට අය-වැයෙන් පියවර ගත් බවද මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය. රජය වසර 2018ට පමණක් රුපියල් මිලියන 800ක මුදලක් මේ සඳහා වෙන් කොට ඇත.
මේ වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 13.5ක් වන අපනයන ආදායම වසර කිහිපයක් තුළ ඩොලර් බිලියන 20 දක්වා වැඩි කිරීමේ ඉලක්කය ජය ගන්නට මේ වැඩපිළිවෙළ මඟින් අපේක්ෂා කරන බවද ඇමැතිවරයා කීය.
- සිළුමිණ
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...