Saturday, December 16, 2017
Home
Gossip Lanka News
පවුල් 20,000 ක් ඉවත් කිරීම:ඒකාබද්ධයේ ප්‍රචාරය බොරුවක්
පවුල් 20,000 ක් ඉවත් කිරීම:ඒකාබද්ධයේ ප්‍රචාරය බොරුවක්
-
Saturday, December 16, 2017
කොලොම්බුව ජලාශයක් ඉදිකර ගම්මාන විස්සක් යටකර පවුල් විසිදහසක් අනාථ කිරීමේ අවදානමක් පවතින බවට ඒකාබද්ධ විපක්ෂය කරන ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යයක් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් පැවැසීය.
තවදුරටත් කතා කළ ඇමැතිවරයා මෙසේ ද පැවැසීය.
කැළණි ගෙඟහි ජලය පාලනය කරන්න ස්ථාන හතරක් තියෙනවා. මේ සඳහා මිලියන 400 ක් වෙන්කරලා තිෙයනවා. එම මුදල් ගංගා ඉවුර බැඳීමට පමණයි. මේ ජලාශ ඉදිකිරීම් ජනතාවගේ කැමැත්ත මත සිදුකරන බවට කැබිනට් එකේ තියනවා. ප්‍රදේශයේ ජනතාව විරුද්ධ නම් ඕවා කරන්නේ නැහැ. මේ පිළිබඳව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වාර්තාව මඟින්ද රජයට දැනුම් දෙනවා. මේක ලොකු ප්‍රශ්නාර්ථයක්. ඒකාබද්ධ විපක්ෂය ඡන්දය වෙලාවේ මේක ලොකු ආයුධයක් කරගත්තා. ජනතා උද්ඝෝෂණ කරන්න මේ අය බලාපොරොත්තු වෙනවා. මා මේ පිළිබඳව කැබිනට් එකේදී වැඩි වේලාවක් අරගෙන කතා කළා. මේක හැන්සාඩ් එකේ කියනවා. මෙහෙ ඉන්නේ ගහකොළ සමඟ ගැටුණු ජනතාවක්. බැංකු ණය අරගෙන ගෙවල් හදන අය ඉන්නවා. මේ පිළිබඳව මංගල සමරවීර මහතාටත් කතා කරලා නිරාකරණය කරගත්තා. මේ ගෙන යන බොරු ප්‍රචාරවලට සෘජුව නැඟී සිටිනවා.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...