BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, March 14, 2018

සමාජ මාධ්‍ය අවහිරයට ආණ්ඩුවේ ලොක්කන් කොක්ක දමයි - සමාජ මාධ්‍යෙයහි වටිනා කම කියයි - ලොක්කන්ට එපා කියා උපදෙස් දුන් නව මාධ්‍ය උපදේශකවරු ගොළුවෙයි

රටේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමට එරෙහිව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පසුගියදා  (09) ලිඛිත පැමිණිල්ලක් ගොනු කළේය. 


එම පැමිණිල්ල මගින් ශ්‍රී ලංකා විදුලි සංදේශන කොමිෂන් සභාවේ සභාපති ඔස්ටින් ප්‍රනාන්දු සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න යන මහත්වරුන් වග උත්තරකරුව කරනු ලැබ තිබේ. ඊයේ (13) දිනයේද මාධ්‍ය සංගම් කිහිපයක් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් විරෝධය පලකලහ.



මේ අතර ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය අවහිර කිරීම පිළිබඳව අමාත්‍ය සාගල රත්නායක, අමාත්‍ය පාඨලි චම්පික රණවක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් විරෝධතාවය පළකරයි.

ආර්ථිකයට බලපෑම් - ඇමැති සාගල

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය අවහිර කිරීමෙන් ආර්ථිකයට දැඩි අහිතකර බලපෑමක් ඇති වන බව යෞවන හා තරුණ කටයුතු ඇමැති සාගල රත්නායක මහතා කියයි.

ඩිජිටල් ව්‍යාපාර, තොරතුරු තාක්ෂණ හා සංචාරක ක්ෂේත්‍ර මේ නිසා අර්බුදවලට මුහුණපාන බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි.

කළ යුත්තේ සමාජ මාධ්‍ය වාරණය නොව වගකීම් සහිතව සමාජ මාධ්‍ය භාව්තය ප්‍රවර්දනය කිරීම යැයි ද සාගල රත්නායක මහතා සඳහන් කරයි. ඇමැතිවරයා මේ බව කියනුයේ සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් සටහන් කරමිනි.

මේක කොන්ද පන නැති නෝන්ජල් ආණ්ඩුවක් - මරික්කාර්

මේ රටේ 1% ක් කරන වැරදිවලට 99% ක් වූ ජනතාවගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස උදුරා ගැනීම යුක්ති ධර්මයට පටහැනියි බවත්, ෆෙස් බුක් තහනම දිගටම පවත්වාගෙන යාම විසදුම නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා ප්‍රකාශ කරයි.

හෙතෙම මෙම අදහස් පළ කරන ලද්දේ, රුපියල් ලක්ෂ 25 ක විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ කොළොන්නාවේ රැකියා විරහිත ප්‍රජාව සදහා පැවැත්වූ වෘත්තිය පුහුණු පාඨමාලාවන්හි අවසන් සහතික පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවකට එක්වෙමින්ය.

එහිදී ඔහු මෙසේද පැවසිය.

‘දැන් බලන්න ෆෙස් බුක් එක තහනම් කරලා සතියක් වෙනවා. කොමියුනිස්ට් රටක් හැර ෆෙස්බුක් තහනම් කරපු එකම රට ලංකාව .ඒ තත්වය පාලනය කරන්න දවසක් දෙකක් ෆෙස්බුක් තහනම් කරපු එක හරි. ඉතින් ඇයි තාම තහනම් කරගෙන ඉන්නේ.

රජයට තියෙන්න ඕනේ දියුණු තාක්ෂණය භාවිත කරලා, මේ අන්තවාදීන්ගේ ෆේජස්, ෆ්‍රෙපයිල් මොනිටර් කරලා ඔවුන්ව අත්අඩංගුවට අරගෙන නීතිය අනුව කටයුතු කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඒ වෙනුවට ෆෙස් බුක් තහනම් කරලා දිගටම පවත්වාගෙන යන එක නෙමෙයි විසදුම.



මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වීමක්:


මේක මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් බව මං ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක් වුනත් ඒක කියනවා. මොකද අපිට භාෂණයේ හා ප්‍රකාශන තියෙනවා. 1% ක් කරන වැරදිවලට 99% ක් වූ ජනතාවගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස උදුරා ගැනීම යුක්ති ධර්මයට පටහැනියි කියන එකයි මගේ අදහස.


සමහර අය කියනවා ඔයත් ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක්නේ කියලා. ඒ වුනාට අපි තීරණ ගන්නේ නෑ. අපිට පුළුවන් හඩ නගන්න, පාර්ලිමේන්තුවේ කෑ ගහන්න, මන්ත්‍රී කණ්ඩායම් වල කියන්න. ඒ නිසා තීරණ ගැනීමේ උදවියට මොලේ පහල වෙලා මේ තහනම ඉවත් කරයි කියලා අපි විශ්වාස කරනවා’ යැයි ද මන්ත්‍රීවරයා පැවසීය. 
« PREV
NEXT »