Sunday, November 27, 2016
Home
Gossip Lanka News
ජිනීවා යෝජනාව එපා සිංහල ඩයස්‌පෝරාව ට්‍රම්ප්ගෙන් ඉල්ලයි : Donald Trump
ජිනීවා යෝජනාව එපා සිංහල ඩයස්‌පෝරාව ට්‍රම්ප්ගෙන් ඉල්ලයි : Donald Trump
-
Sunday, November 27, 2016
යුද අපරාධ චෝදනාව ඇතුළු ජිනීවා යෝජනාව වහාම ඉවත් කර ගන්නා ලෙස ගෝලීය ශ්‍රී ලංකා සංසදය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා සෙනෙට් සභාවෙන් විශේෂ ඉල්ලීමක් කර ඇත. මෙම ඉල්ලීම ඇතුළත් සංදේශය පසුගිය 24 වැනිදා ට්‍රම්ප්ට සහ සෙනෙට් සභිකයන් 16 දෙනකුට ලැබීමට සලස්‌වා තිබේ.
මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට මුල්වූයේ හිලරි ක්‌ලින්ටන් සහ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් බව එම සංදේශයේ දක්‌වා ඇත. ශ්‍රී ලංකාවට එරෙහි සාවද්‍ය යුද අපරාධ චෝදනාව ඇතුළත් ජිනීවා යෝජනාව මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට ක්‍රියා කළ ස්‌විට්‌සර්ලන්තයේ ඇමරිකානු තානාපතිනි සුසෑන් ලෙවින් ජනවාරි 20 දා සිට ධුරයෙන් ඉල්ලා අස්‌වීම නිසා ඊළාම් ඩයස්‌පෝරාව දැඩි කැළඹීමකට ලක්‌වී ඇත. මේ අතර වෙනත් රටවල මානව හිමිකම් ඇමරිකාවට වැඩක් නැති බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීම නිසා ඇමරිකානු ඊළාම් ඩයස්‌පෝරාව සහ බ්‍රිතාන්‍ය ඊළාම් ජාලය සලිත වී ඇත. මේ නිසා ඇමරිකාවේ ඊළාම්වාදීන් ටැමිල්ස් ට්‍රම්ප් නමින් අලුත් සංවිධානයක් පිහිටුවා ද්‍රවිඩයන්ට අනුකම්පා කරන ලෙස ට්‍රම්ප්ගෙන් ඉල්ලා ඇත.
