BREAKING NEWS
latest

728x90

468x60

Sunday, November 27, 2016

මොන රාජපක්ෂ ගියත් මම යන්නේ නැහැ - Nirupama Rajapaksa

රාජපක්‌ෂලා සියලුම දෙනා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය හැර ගියත් තමන් කිසි දවසක ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය අතහැර ජී.එල්. පීරිස් මහතා විසින් පිහිටුවාගෙන ඇති පක්ෂයට එකතු වන්නේ නැතැයි මුල්කිරිගල ආසනයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ ප්‍රධාන සංවිධායිකා හිටපු ඇමැතිනි නිරූපමා රාජපක්‌ෂ මහත්මිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.



"පක්‌ෂය මාරු කරලා එහාට මෙහාට පැනලා මට පුරුද්දක්‌ නැහැ. මම හොඳ ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‌ෂිකයෙක්‌. එම නිසා මම පක්‌ෂය පාවා දීලා වෙන පක්‌ෂයකට යන්නේ නැහැ. මෙම දේශපාලනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමගයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය අතහැර යයිද නැද්ද කියලා මම දන්නෙ නැහැ. නමුත් මම යන්නෙ නැහැ මම ඉදිරියටත් හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ජයග්‍රහණය කරවීම සඳහා ජනාධිපතිවරයා සමඟ එක්‌ව කටයුතු කරනවා..." යෑයිද නිරූපමා රාජපක්‌ෂ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
« PREV
NEXT »