Saturday, July 29, 2017
Home
Gossip Lanka News
මහඉලුප්පල්ලම බදු දෙන්නේ නෑ - ඇමැති දුමින්ද
මහඉලුප්පල්ලම බදු දෙන්නේ නෑ - ඇමැති දුමින්ද
-
Saturday, July 29, 2017
මහ ඉලුප්පල්ලම ක්‍ෂේත්‍ර භෝග පරීක්‍ෂණ ආයතනය කිසිදු හෝ ආයතනයකට බදු දීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පැවැසීය.
"මහඉලුප්පල්ලම බංගලාදේශයට බදු දෙයි" මැයෙන් ඉකුත් 27 වැනිදා දිවයින පුවත්පතෙහි පළවූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් කරුණු දක්‌වමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.
එමෙන්ම ප්‍රවෘත්තියේ සඳහන් ආකාරයේ කිසිදු ක්‍රියාමාර්ගයක් එම ආයතනය සම්බන්ධයෙන් නොගැනෙන බවද ඒ සඳහා කිසිදු සැලසුමක් හෝ සාකච්ඡාවක් හෝ සිදුනොවූ බවද ඇමැතිවරයා සඳහන් කළේය.
