Thursday, August 10, 2017
Home
Gossip Lanka News
අපනයන ආදායම් ඉහළට - මහ බැංකු අධිපති
අපනයන ආදායම් ඉහළට - මහ බැංකු අධිපති
-
Thursday, August 10, 2017
මේ වසරේ ජනවාරි - මැයි කාලසීමාව තුළ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් කෝටි 440 (ඩොලර් බිලියන 4.4) දක්වා සියයට 4.3 කින් ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කෙළේය.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදන වැඩි වශයෙන් එතෙර වෙළෙඳපොළ දිනාගන්නා අයුරින් පෙළගැස්සවීම මේ ආදායම් ඉහළ යෑමට ප්‍රධාන හේතුව වී ඇත.
වසර 2016 මැයි මාසයට වඩා මේ වසරේ මැයි මාසයේ අපනයන ආදායම ඩොලර් මිලියන 841 දක්වා සියයට 7.8 කින් ඉහළ ගිය බව ද අධිපතිවරයා කීය.
මේ අන්දමට අපනයන ආදායම් ඉහළ ගිය ද මැයි මාසයේ ආනයන වියදම් සියයට 8.6 වර්ධනයක් සිදු වී ඇත. එම වටිනාකම ඩොලර් කෝටි 170 (ඩො. බිලියන 1.7) කි. මේ වසරේ ජනවාරි - මැයි ආනයන වියදම ඩොලර් කෝටි 860 ක් (ඩො. බිලියන 8.6) ක් දක්වා සියයට 12.6 කින් වැඩි වී ඇත.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ප්‍රධාන වශයෙන් අමෙරිකාව, යුරෝපය, මැදපෙරදිග රටවල් කරා යවා තිබේ වසර 2016 මැයි මාසයේ වෙළෙඳ ගිණුමේ හිඟය ඩොලර් මිලියන 810 කි. එය මේ වසරේ මැයි මාසයේ ඩොලර් මිලියන 886 ක් වී තිබේ.
මේ වසරේ මුල් මාස පහේ (05) වෙළෙඳ ගිණුමේ හිඟය එක්සත් ජනපද ඩොලර් මිලියන 4200 කක් වූ බව ද අධිපතිවරයා සඳහන් කෙළේය.
ආහාර නිෂ්පාදන, ඇඟලුම්, සම් ආශ්‍රිත නිෂ්පාදන, රසායන ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ රැසක් ගතවූ කාලයේ පිටරට යවා තිබේ.
