Saturday, August 26, 2017
Home
Gossip Lanka News
කොටින් 87දෙනකු නිදහස් කරන්නැයි උතුරු පළාත් සභාවේ 'ඩෙඟා' නැටිල්ලක්
කොටින් 87දෙනකු නිදහස් කරන්නැයි උතුරු පළාත් සභාවේ 'ඩෙඟා' නැටිල්ලක්
-
Saturday, August 26, 2017
රැඳවුම් භාරයේ සිටින හිටපු කොටින් 87දෙනකු වහාම නිදහස් කරන ලෙසත් හමුදාව උතුරේ දැනට සිටින ඉඩම්වලින් ඉවත්ව යා යුතු බවත් දක්‌වමින් උතුරු පළාත් සභාවේ සියලු මන්ත්‍රීවරුන් පළාත් සභාවේ උද්ඝෝෂණයක් පවත්වා ඇත.
මෙහිදී උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන් පවසා ඇත්තේ එම ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබාදෙන බවයි.
උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් ද ප්‍රකාශයක් කරමින් උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් ඉටුකිරීමට රජය පොරොන්දු වුවත් මෙතෙක් එම ඉල්ලීම් ඉටු කර නැති බවත් සඳහන් කර ඇත.
මේ අතර ආරක්‍ෂක ආරංචි මාර්ග පැවසුවේ නිදහස් කරන ලෙස ඉල්ලා ඇති කොටි රැසකට එරෙහිව මහාධිකරණයේ නඩු පවරා ඇති බවයි.