Tuesday, August 22, 2017
Home
Gossip Lanka News
මිල්ලනිය කාර්මික ජනපදයේ වැඩ ඇරඹීමට පහසුකම් සපයන්න අගමැතිගෙන් නියෝගයක්
මිල්ලනිය කාර්මික ජනපදයේ වැඩ ඇරඹීමට පහසුකම් සපයන්න අගමැතිගෙන් නියෝගයක්
-
Tuesday, August 22, 2017
මාස තුනක් ඉක්මයෑමට පෙර කළුතර, මිල්ලනිය අපනයන කාර්මික ජනපදයේ වැඩ ඇරඹීමට අවශ්‍ය මූලික පහසුකම් සපයාදීමට ක්‍රියා කරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
අමෙරිකානු ඩොලර් මිලියන 500ක වියදමින් කළුතර ඉදිකරන කාර්මික ජනපදයේ ප්‍රධාන ආයෝජකයින් ඊයේ (21) අරලියගහ මන්දිරයේදී අගමැතිවරයා හමු වූ අවස්ථාවේ අගමැතිවරයා මේ බව කියා සිටියේය.
උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ, ලොව ප්‍රකට තායිලන්තයේ රොජානා සමාගම් සමූහයේ සභාපතිවරයා හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ ප්‍රධාන ජපාන තායිලන්ත ආයෝජකයෝ පිරිසක් අගමැතිවරයා හමු විය.
රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව ආයෝජනයක් ලෙස මේ කාර්මික ජනපදය ඉදි කැරේ. එය ඉදිකරදී වසර 50ක් ගතවූ පසු සියලු සම්පත් ශ්‍රී ලංකා රජයට පරිත්‍යාග කිරීමට තායිලන්ත ආයෝජකයා කැමැත්ත පළ කර තිබීම මෙහි ඇති විශේෂත්වයයි.
