Tuesday, August 22, 2017
Home
Gossip Lanka News
අපේ සිසුන්ට නිදහස් අධ්‍යාපනය ලබා දෙන්නට හැකිවීම පිලිබඳ අපි ආඩම්බරයි - ලක්ෂ්මන් කිරිඇල්ල
අපේ සිසුන්ට නිදහස් අධ්‍යාපනය ලබා දෙන්නට හැකිවීම පිලිබඳ අපි ආඩම්බරයි - ලක්ෂ්මන් කිරිඇල්ල
-
Tuesday, August 22, 2017
බ්‍රිතාන්‍ය වැනි රටවල රජය ශිෂ්‍යයෙකුට උසස් අධ්‍යාපනය ලබාදෙන මුදල නැවත රජයට අයකර ගන්නවා. ශ්‍රී ලංකාව මහා බි්‍රතාන්‍ය වැනි පොහොසත් රටක් නොවුනත්, අපේ සිසුන්ට නිදහස් අධ්‍යාපනය ලබා දෙන්නට හැකිවීම පිලිබඳ අපි ආඩම්බර වීමට හැකි බව යාපනය විශ්ව විද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ 25 වැනි සංවත්සර උත්සවයට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පසුගියදා එක්වෙමිනි.
තවදුරටත් අමාතවරයා ප්‍රකාශකලේ නව රජය යටතේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය මාධ්‍ය නිදහස, අධිකණයේ ස්වාධීනත්වය හා රාජ්‍ය සේවයේ නිදහස ඇතිකර තිඛෙනවා. විශේෂයෙන්ම විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයේ පූර්ණ නිදහසක් නව රජය මඟින් ඇතිකර තිඛෙනවා. විශ්ව විද්‍යාල ස්වාධීනව පවත්වාගැනීමට එකී උපකුලපතිවරුන්ට සම්පූර්ණ නිදහස සහ බලය ලබා දී තිඛෙනවා. එමෙන්ම විශ්ව විද්‍යාල පද්ධතිය නවීන ලෝකයට ගැලපෙන ආකාරයට වැඩිදියුණු කිරීමටත්, සියළු විශ්ව විද්‍යාලවල මානව හා භෞතික සම්පත් සංවර්ධනය ඉදිරි වසර කීපය තුල සම්පූර්ණ කරනවා. රටේ විශ්ව විද්‍යාල උසස් මට්ටමකින් පවත්වාගෙන යාමට අවශ්‍ය සියළු පහසුකම් රජය මඟින් ලබාදී තිඛෙනවා. එවැනි පසුබිමක් තුල රටේ අනාගතය බාර ගන්නට සිටින දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසියාකාරව පවත්වා ගැනීමට සියළු දෙනා කැපවිය යුතු බවයි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා
මහා බි්‍රතාන්‍ය වැනි දියුණු රටවල නිදහස් අධ්‍යාපනය ගැන ලොකු සංවාදයක් තිඛෙනවා. පාලක පක්ෂය නිදහස් අධ්‍යාපනය සඳහා වැඩියෙන් මුදල් අය කරන්න කියනවා. කම්කරු පක්ෂය පවසනවා නිදහස් අධ්‍යාපනයක් ලබා දෙන්න කියලා. නමුත් වත්මන් තත්වය නම් සිසුවෙකුට විශ්ව විද්‍යාල ජීවිතය පවත්වා ගෙන යන්න රජයෙන් ආධාර කරනවා. එක් සිසුවෙකුට බි්‍රතාන්‍ය පවුම් 50000 ක් ලබා දෙනවා විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරන්න. එම සිසුන් විශ්වවිද්‍යාලය අධ්‍යාපනය අවසන් කර රැකියාවක් කර එම සියළු වියදම් නැවත විශ්වවිද්‍යාලයට ගෙවිය යුතුයි. නමුත් අපි ආඩම්බර වෙනවා අපි ඔවුන් තරම් පොහොසත් නොවුනත් අපි අපේ සිසුන්ට නිදහස් අධ්‍යාපනය ලබා දෙන්න කටයුතු කිරීම ගැන.
මෙම අවස්ථාව සඳහා යාපනය දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමා, වව්නියාව මණ්ඩපයේ පීඨාධීපතිතුමා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...