Saturday, August 26, 2017
Home
Gossip Lanka News
රාජිත රකින්න රවී රාජිතගේ දෙසට
රාජිත රකින්න රවී රාජිතගේ දෙසට
-
Saturday, August 26, 2017
ඒකාබද්ධ විපක්ෂය රාජිත සේනාරත්න ඇමැතිට එරෙහිව ගෙන එන්නට සුදානම් වන විශ්වාසභංග යෝජනාව තුනෙන් දෙකක ඡන්දයකින් පරදවා සේනාරත්න මහතාගේ විශ්වාසය තහවුරු කරන බව පාර්ලිමේන්තු රවි කරුණානායක මහතා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (25) පැවසීය.
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය හා පසුපෙළ මන්ත‍්‍රීවරුන් 9 දෙනෙකුගේ සහභාගිත්වයෙන් එම මාධ්‍ය හමුව පැවැත්වූයේ රාජිත සේනාරත්න මහතාට සහය පළ කිරීම සඳහාය.
‘‘රාජිත සේනාරත්න අමාත්‍යවරයා සියයට අසුපහකින් අනුවකින් විතර ඖෂධ මිල අඩු කිරීම නිසා හෝ ඔහු කළ වෙනත් සේවාවන් නිසා ද මේ විශ්වාසභංගය ගෙන එන්නේ? එක පැත්තකින් කියනවා මේ යෝජනාව ගෙන එන්නේ උසස් අධ්‍යාපනය පුද්ගලීකරණය කරන නිසාලූ. කවුද මේක ගෙන ආවේ. දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා උයද ගම්මන්පිල මන්ත‍්‍රීවරයා. මේ අය දිවුරුම් පෙත්සම් දෙකකට බොරු අස්සන් දීපු අයයි.
රටක් ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි. අවුරුදු 11 ක් මේ රට කාල හොකම් කරල විනාශ කරල තියෙද්දි ඒවා පෙන්නලා දෙන කොටයි මෙහෙම කරන්නේ. රාජිත සේනාරත්න කියන්නේ මේ රජය පිහිටුවන්න ඉදිරියට ඇවිත් කටයුතු කළ පුද්ගලයෙක්. ප‍්‍රශ්නයක් තියෙන තැන බය නැතිව ඉදිරියට ඇවිත් කථා කරන පුද්ගලයෙක්.
විපක්ෂයෙන් කොටසක් තමයි මේ වැඩවලට හවුල්වෙලා මේවා වටේ රඟන්න පටන් ගන්නේ. අපි මේක ප‍්‍රතික්ෂේප කරනවා විතරක් නොවෙයි අපි මේක පරාජය කරන්නේ තුනෙන් දෙකක ඡන්ද ප‍්‍රමාණයකින් ’’ යැයි ද කරුණානායක මහතා ප‍්‍රකාශ කළේය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...