BREAKING NEWS
latest

728x90

468x60

Friday, August 04, 2017

තානාපති කාර්යාලයක බලපෑම් සොයන්න අගමැතිගෙන් උපදෙස්‌

ඒකාබද්ධ විපක්‌ෂයේ ඉල්ලීමට අනුව හම්බන්තොට වරාය බදු දීමේ ගිවිසුමට අදාළ පාර්ලිමේන්තු විවාදය කඩාකප්පල් කිරීම සඳහා විදේශ තානාපති කාර්යාලයක බලපෑම් එල්ල වූයේ දැයි සොයා බලා වාර්තා කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දී ඇත.

ඒකාබද්ධ විපක්‌ෂයේ ප්‍රබලයකු හරහා මේ විවාදය කඩාකප්පල් කිරීමට කටයුතු කළ බවට විවිධ වාර්තා පළ වූ අතර ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා විසින් ද මේ පිළිබඳව කැබිනට්‌ මාධ්‍ය හමුවේදී හෙළි කර තිබිණි.

ඒ අනුව පසුගිය 28 දා පැවැත්වීමට තිබූ විවාදය කඩාකප්පල් කිරීමට එම තානාපති කාර්යාලය මැදිහත් වූයේ දැයි සොයා බලන ලෙස අගමැතිවරයා වැඩිදුරටත් විදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දී තිබේ.
« PREV
NEXT »