BREAKING NEWS
latest

728x90

468x60

Thursday, August 10, 2017

කැබිනට්‌ හමුවට රවි නෑ ඊයේ රැස්‌වීමත් උණුසුම්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09 වැනිදා) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සතියේ කැබිනට්‌ රැස්‌වීම සඳහා විදේශ කටයුතු ඇමැති රවි කරුණානායක මහතා සහභාගි වී නැත.

බැඳුම්කර කොමිසම හමුවේ චෝදනා එල්ල වී ඇති ඒ මහතාගෙන් නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ඇති ආකාරය සම්බන්ධව මෙහිදී ඇමැතිවරුන් කිහිප දෙනකු චෝදනාත්මකව අදහස්‌ දැක්‌වීම නිසා කැබිනට්‌ රැස්‌වීම උණුසුම් මුහුණුවරක්‌ ගෙන තිබේ.

මෙහිදී අදහස්‌ දැක්‌වූ සෞඛ්‍ය ඇමැති දොස්‌තර රාජිත සේනාරත්න මහතා පවසා ඇත්තේ රවි ඇමැතිවරයා සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියා කළ ආකාරයට පසුගිය රජයේ සිදුව ඇති මහා පරිමාණ වංචා දූෂණ සම්බන්ධව කටයුතු නොකිරීම කනගාටුවට කරුණක්‌ බවයි.

එම මහා පරිමාණ දූෂණ සම්බන්ධවද නීතිපති දෙපාර්තමේන්තුව කඩිනමින් තීන්දු ගත යුතු බව රාජිත සේනාරත්න ඇමැතිවරයා විසින් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් ඊයේ කැබිනට්‌ රැස්‌වීමේදී රවි කරුණානායක ඇමැතිවරයා සම්බන්ධව කිසිදු තීරණයක්‌ ගෙන නොතිබුණි.
« PREV
NEXT »