BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, September 13, 2017

Gossip 99 : අරුන්දික ජනපති ලඟ වැඳ වැටී සමාව ඉල්ලයි - බැසිල් ලංසා හරහා දුන් කෝටි 05ත් සුන්

වත්මන් ආණ්ඩුවේ ඇමතිධුරයක් දරමින් මුදලට රාජපක්ෂ රෙජීමයේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරමින් සිටි අරුන්දික ප්‍රනාන්දුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (12) අමාත්‍ය ධූරයෙන් ඉවත්කරන ලද අතර ඔහු අද (13) උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තමා දුරදිග නොසිතා සිදුකළ ප්‍රකාශවලට සමාව දෙන ලෙසත් මින් ඉදිරියට එසේ කටයුතු නොකරන බවටත් වැඳ සමාව ගෙන ඇත.

රාජපක්ෂ රෙජීමයේ දේශපාලන සහ මූල්‍ය අංශ ප්‍රධානී බැසිල් රාජපක්ෂගේ මෙහෙයවීමෙන් නිමල් ලංසා හරහා අරුන්දික ප්‍රනාන්දු යොදාගනිමින් ක්‍රියාත්මක කරන ලද ආණ්ඩුව සහ ශ්‍රීලනිපය අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණය පැය 24 යන්නටත් මත්තෙන් පුස්සක් වී ඇත.

බැසිල් රාජපක්ෂ විසින් රාජපක්ෂ රෙජීමය සතු කළු සල්ලි රුපියල් කෝටි 05 ක් නිමල් ලංසා හරහා අරුන්දික ප්‍රනාන්දුට ලබාදෙමින් ආණ්ඩුවේ ශ්‍රීලනිප කණ්ඩායමේ පසුපෙළින් ආණ්ඩු විරෝධී රැල්ලක් සාදා ‘ඌරාගේ මාළු ඌරාගේ පිටේ තබා කපන තාලේ’ ව්‍යාපෘතියක් සිදුකිරීමට සැලසුම් කොට තිබුණි.
එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(12) ගත් සෘජු තීරණයත් සමඟම මහින්ද සහ බැසිල්ගේ එම ව්‍යාපෘතියේ පළමු අදියර මුළුමනින්ම අසාර්ථක විය.

අද දින මෙම සිද්ධිය වාර්තාවීමත් සමඟ මේ වන නිමල් ලංසා හරහා බැසිල්, අරුන්දිකට ලබාදුන් කෝටි 05 ඉල්ලා අරුන්දිකගේ සහ ලංසාගේ හත්මුතු පරම්පරා සිහිකරමින් බැසිල් ලංසාට දුරකථනයෙන් අමතා ඇත. එසැනින් ලංසා, සුපුරුදු භාෂාවෙන් අරුන්දික අමතා දුන් මුදල් ඉල්ලා ඇති අතර, එම මුදල් තමාගේ විදෙස් සංචාර, හමුවීම් සහ වැඩ කටයුතු වෙනුවෙන් වියදම් වී අවසන් බව පවසා දුරකථනය විසන්ධි කොට ඇත.

රාජපක්ෂලාගේ කළු සල්ලි කෝටි ගණන් මෙසේ ඒ මේ අත විසිවෙද්දී තවමත් රාජපක්ෂලාගේ තරම අවබෝධ කර නොගත් ඇතැම් භීක්ෂූන් සහ පෘථුජන මිනිසුන් සිල් රෙද්දෙන්න්ත් සල්ලි කොල්ල කෑ රාජපක්ෂලාගේ සහචරයින් වෙනුවෙන් සිඟමන් යැදීමට යන්නේ පූරුවේ කළ කරුමය ණයට හෝ වහල් කමට හෝ විය යුතුමය.
« PREV
NEXT »