BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, September 13, 2017

මගේ නඩුවට ඔයා එක දවසක්වත් ආවේ නැ. - බිරිද CID යද්දී ලොකු සෙනගක් අරගෙන ඔයා එතනට ගියා – වැලිකඩ ඉදිරිපිට මහින්දට තරහා ගිය හේතුව මෙන්න

පසුගිය ජනාධිපතිවරණය මුල්කොට රජයේ මුදලින් රුපියල් මිලියන 600ක් අව භාවිතා කරමින් සිල් රෙදි බෙදා දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අය එම චෝදනා සම්බන්ධ වැරදි කරුවන් බව අද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

ඒ අනුව එක් වැරදිකරුවෙකුට බරපතල වැඩ ඇතිව වසර තුනක සිර දඬුවම්, රුපියල් ලක්ෂ 20 බැගින් වූ දඩ මුදලක් සහ ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිසම වෙත රුපියල් මිලියන 50 බැගින් වූ වන්දියක් ගෙවන ලෙසද නියම කලේය.

මෙම සාවද්‍ය මුදල් පරිහරණය සිදුවී ඇත්තේ 2014 ඔක්තෝබර් 30 සිට 2015 ජනවාරි 05දා දක්වා කාල සීමාව තුළය.

කෙසේ වෙතත් මෙලෙස දඩුවම් නියමවූ ලලිත් වීරතුංග අනූෂ පැල්පිට යන අය බැලීමට පෙරේදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැලිකඩ බන්ධනාගාරය වෙත ගියේය.

එහිදී මාධ්‍යවේදින් යොමුකළ ප්‍රශ්නවලට හිටපු ජනපතිවරයා පිළිතුරු දුන් අතර එක් අවස්ථාවකදී ඔහු තරමක කේන්තියෙන් කතා කරන අයුරුද දක්නට ලැබිණ. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ හිටපු ජනපතිවරයා,

” මේක වරදක් නෙමෙයි. මම කරුණු අටක් ලියලා දීලා තියෙනවා. ඒ කරුණු අටටම මම සල්ලි වෙන්කළා. මේක ජනතාවගෙන් ආපු ඉල්ලීමක්. මේක මැතිවරණය සඳහා නෙමෙයි කළේ. මෙය අභියාචනා කරනවා. මෙහි නීතිමය ප්‍රශ්න කිහිපයක් තිබෙනවා.” යැයි ඔහු පැවැසූවේය. 


මෙලෙස මහින්ද රාජපක්ෂ කේන්තියෙන් හැසිරීමට හේතුව වී ඇත්තේ ලලිත් වීරතුංග විසින් පැවසු දෙයකි.

“ඔයා පැරදෙන්න අවුරුදු 3කට කලින් මම කිව්වා ලේකම් තනතුරෙන් ඉවත් වෙන්න ඕනේ කියලා.මොකද ඒ ගිය ක්‍රමවේදය හරියන්නේ නැති නිසා.අඩුගානේ මගේ නඩුවේ එක දවසකවත් ඔයා ආවේ නැ.බිරිද CID යද්දී ලොකු සෙනගක් අරගෙන ඔයා එතනට ගියා.අඩු ගානේ මම හිරේ යන දවසේවත් ඔයාට එන්න තිබ්බා”

යනුවෙන් ලලිත් වීරතුංග මහින්ද රාජපක්ෂට පවසා ඇත.

පසුව බන්ධනාගාරයෙන් එලියට පැමිණි මහින්ද රාජපක්ෂ තරමක් කේන්තියෙන් හැසිරුණු අතර එදින සවස පැවති උත්සවයකදීද මහින්ද රාජපක්ෂ පැවසුවේ තමන් අද දුකින් ඉන්නා බවයි.
« PREV
NEXT »