BREAKING NEWS
latest

728x90

468x60

Thursday, September 07, 2017

මන්ත්‍රී කාර්යාල දීමනාව සඳහා කෝටි 13 1/2 ක පරිපූරක ඇස්‌තමේන්තුවක්‌

කාර්යාලයක්‌ පවත්වාගෙන යැම සඳහා සෑම මන්ත්‍රීවරයකුටම රුපියල් ලක්‌ෂයක මාසික දීමනාවක්‌ ලබාදීමට රුපියල් දහතුන් කෝටි හතළිස්‌ හතර ලක්‌ෂයක්‌ ඉල්ලා පාර්ලිමේන්තුවට ඊයේ (06 දා) පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ඉදිරිපත් කෙරිණි. සභානායක ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා මෙම පරිපූරකය ගෙන ආවේය.


එක්‌ මන්ත්‍රීවරයකුට කාර්යාලයක්‌ සඳහා මසකට රුපියල් ලක්‌ෂයක්‌ ලබාදෙන අතර ඒ අනුව මන්ත්‍රීවරුන් 225 සඳහා රුපියල් දෙකෝටි විසිපන් ලක්‌ෂයක්‌ මසකට වැය කෙරේ. මේ වනවිට ගෙවා ඇති එම මුදල් ප්‍රතිපූර්ණය කිරීම සඳහා මෙම පරිපූරකය සභාවට ඉදිරිපත් කරන ලදී.

2016.12.07 රැස්‌වූ ඇමැති මණ්‌ඩල තීරණය අනුව කාර්යාලයක්‌ පවත්වාගෙන යැමට මන්ත්‍රීවරයකුට මාසයකට රුපියල් ලක්‌ෂයක දීමනාව හිමි වේ.
« PREV
NEXT »