BREAKING NEWS
latest

728x90

468x60

Thursday, September 07, 2017

කසුන් කෝප් කමිටුවට දුන් ප්‍රකාශයේ පිටපතක්‌ රෝසිගෙ පුතාගෙන් ඇලෝෂියස්‌ට - පර්පෙචුවල් ප්‍රධාන අලෙවිකරු

එක්‌සත් ජාතික පක්‌ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායක මහත්මියගේ පුත් කණිෂ්ක සේනානායක මහතා ගෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතා 07 වන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට දුන් ප්‍රකාශයේ සම්පූර්ණ පිටපතක්‌ අර්ජුන් ඇලෝෂියස්‌ මහතාට ලැබී තිබුණු බව ඊයේ (06 දා) බැඳුම්කර කොමිසමේදී වාදනය කරන ලද දුරකථන සංවාදයකට සවන්දීමෙන් පසු අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන අලෙවිකරු නුවන් තිළිණ සල්ගාදු මහතා කීවේය.

දුරකථන සංවාදයේ රෝසිගේ පුතා යනුවෙන් ඇසෙන බවත් මෙහි රෝසි යනුවෙන් සඳහන් කරන්නේ රෝසි සේනානායක මහත්මිය බවත් සල්ගාදු මහතා කීවේය.

ඇය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනියක මෙන්ම පළමු පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) සාමාජිකාවක්‌ බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන ගනුදෙනුකරු නුවන් සල්ගාදු මහතා පිළිගත්තේය.

එම කෝප් කමිටුව 07 වන පාර්ලිමේන්තුවේ ඩිව් ගුණසේකර මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වූ කෝප් කමිටුව බවද සාක්‌ෂිකරු කීවේය.

රෝසිගේ පුතා යනුවෙන් මෙහි හඳුන්වන්නේ කණිෂ්ක සේනානායක බවද සාක්‌ෂිකරු කීවේය.

අර්ජුන් ඇලෝසියස්‌ සහ කණිෂ්ක සේනානායක මිත්‍රයන් බව තමා සිතන බවද සල්ගාදු මහතා කීවේය.
« PREV
NEXT »