Friday, September 08, 2017
Home
Gossip Lanka News
ගෝඨාභයගේ ජනාධිපති සිහිනය සුනු විසුනු කරමින් – වැළිකඩ මිනීමැරුම්වල සියලු තොරතුරු සමඟ – 15 වනදාට ‘‘එළියට‘‘ එන පොත මෙන්න
ගෝඨාභයගේ ජනාධිපති සිහිනය සුනු විසුනු කරමින් – වැළිකඩ මිනීමැරුම්වල සියලු තොරතුරු සමඟ – 15 වනදාට ‘‘එළියට‘‘ එන පොත මෙන්න
-
Friday, September 08, 2017
මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල විසින් රචිත ’12-11-10 වැලිකඩ’ කෘතිය එළිදැක්වීම සහ ඊට සමගාමීව අත්සන් කෙරෙන මහජන පෙත්සම ලබන සැප්තැම්බර් 15 වැනිදා සවස 3ට මහවැලි කේන්ද්‍රයේ දී සිදු කෙරේ.
2012 නොවැම්බර් 09 වැනිදා ආරම්භ වී 10 වැනිදා අවසන් වූ ආන්දෝලනාත්මක වැලිකඩ බන්ධනාගාර සිදුවීම අරඹයා කසුන් පුස්සෙවෙල විසින් රාවය හා ඉරුදින පුවත්පත් මගින් අනාවරණය කරන ලද තොරතුරු සහ එම සිදුවීම සොයා බැලීමට පත්කෙරුණු දෙවැනි කමිටු වාර්තාවේ සඳහන් තොරතුරු පාදක කොටගෙන කරනු ලබන සුවිශේෂ හෙළිදරව් කිරීම් මෙම කෘතියට ඇතුළත්ව තිබේ. ගවේෂණාත්මක තරුණ මාධ්‍යවේදියෙකු සහ ප්‍රවෘත්ති කර්තෘවරයෙකු වන කසුන් පුස්සෙවෙල විසින් රචිත මෙම කෘතිය එළිදක්වන අවස්ථාවේ ප්‍රධාන අදහස් දැක්වීම් සඳහා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් සහ ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා ඇතුළු වැලිකඩ බන්ධනාගාර සිදුවීමේ දී ඝාතනයට ලක්වූවන්ගේ ඥාතීන් සහභාගී වේ.
කෘතිය එළිදැක්වීමට සමගාමීව එදින දී මෙම ඝාතන සිදුවීමට යුක්තිය ඉටුකරවා ගැනීම සඳහා මහජන පෙත්සමක් අත්සන් කිරීම ද ආරම්භ වේ.
ගෝඨාභය රාජපක්ෂගේ 2020 ජනාධිපති සිහිනය මෙම කෘතිය පිටවීමත් සමඟ සුන්නද්දූලි වී යනු ඇති අතර “යහපාලන” ආණ්ඩුවටද සිය ජනවරම නැවත වරක් මතක් කර දෙන්නක් වනු ඇත.
අහස ප්‍රකාශනයක් ලෙස එළිදැක්වෙන මෙම කෘතිය එදින දී සහ එළඹෙන කොළඹ පොත් ප්‍රදර්ශනයේ දී කුටි අංක H1 25 අහස පොත් කුටියෙන් මිළ දී ගත හැක.!
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...