BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, September 06, 2017

2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඝෝටාභය කරුපු වැඩේ පත්තු වෙයිද?

හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන බවට මේ වන විට ඉගි පලව තිබෙනවා.ඒ ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම සදහා වන ලිපි ලේඛන ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයට භාර දීමත් සමගය.1989 වසරේදී ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී LTTE සංවිධානයට ඉන්දීය හමුදාව පිළිබද ඇතැම් තොරතුරු සපයා ඇත්තේ ගෝටාභය රාජපක්ෂ විසිනි.ඉන් පසුව එම සිදුවීම ශ්‍රී ලංකා බුද්ධි අංශ විසින් අනාවරණය කරගත් පසු ගෝටාභය රාජපක්ෂ ඇමරිකාවට පලා ගිය අතර ඇමරිකාවේ පුරවැසිභාවය ලබාගත්තේ එම සිදුවීමෙන් බේරිමටය.

පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසුව මෙරටට පැමිණි ගෝටාභය රාජපක්ෂ තමන්ට විරුද්ධව බුද්ධි අංශයේ තිබු සියලු ලිපිගොනු විනාශ කර දැමිණ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්‌ථාව පරාජය කිරීමේ අරමුණින් හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ ගේ පුරෝගාමීත්වයෙන් “එළිය” නමින් සංවිධානයක්‌ එළි දැක්‌වීමට නියමිතව ඇතැයිද වාර්තා වේ.

ව්‍යවස්ථා සංශෝධන අනතුර පිළිබඳ කතිකාව නමින් එහි පළමු සම්මන්ත්‍රණය ලබන 06 වන දා බොරලැස්ගමුවේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා මෙන්ම වෙනත් දේශපාලන නායකයන් සහ විද්වතුන්, කලාකරුවන් සහ වෘත්තීයවේදීන් ඇතුළු විශාල පිරිසක්‌ මෙම උත්සවයට සහභාගි වීමට නියමිත බව වාර්තා වේ.

පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්‌ස නාහිමි, විමල් තිරිමාන්න පියතුමා, හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, රියර් අද්මිරාල් සරත් වීරසේකර, මේජර් ජනරාල් කමල් ගුණරත්න, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමාරා කුනනායගම්, හිටපු එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක, විශේෂඥ වෛද්‍ය සීනා අරඹේපොල ආදීන් මෙම සම්මන්ත්‍රණය අමතනු ඇති බව වාර්තා වේ.

කෙසේ නමුත් ගෝටාභය රාජපක්ෂට විරුද්ධව ඇති රජයේ දේපල අවභාවිතය සම්බන්ධ නඩුව ඉදිරියේදී කැදවීමට නියමිතය.ඔහුට එල්ල වී ඇති චෝදනාව වන්නේ ඔහුගේ දෙමාපියන් සදහා සැදු වීරකැටිය ස්මාරකය සදහා රජයේ මුදල් භාවිතා කිරීම සම්බන්ධවයි.එම චෝදනා ඔප්පු වුවහොත් ගෝටාභය රාජපක්ෂට මෙරට ප්‍රජා අයිතිය අහෝසි වනු ඇත.එසේ වුවහොත් මෙරට කිසිදු මැතිවරණයකට ඔහුට ඉදිරිපත් වීමට නොහැක.
« PREV
NEXT »