BREAKING NEWS
latest

728x90

468x60

Thursday, September 14, 2017

ප්‍රධාන ආරාධිතයා වශයෙන් උත්සව සඳහා සහභාගි වීමේදී අගමැති සමරු තිළිණ එපා කියයි

ප්‍රධාන ආරාධිතයා වශයෙන් විවිධ උත්සව සඳහා සහභාගි වීමේදී තමන් වෙත සමරු තිළිණ පිරිනැමීම වහාම නවතා දමන ලෙස උපදෙස්‌ දෙන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (13 දා) අගමැති කාර්යාලයට උපදෙස්‌ දී ඇත.එම සමරු තිළිණ සඳහා වැය කෙරෙන මුදල් යම් පුණ්‍ය කටයුත්තක්‌ සඳහා දායක කරගන්නා ලෙසත්, එසේ කරන්නේ නම් එම උත්සවයට සහභාගිවන විට තමන් දැනුවත් කරන ලෙසත් අගමැතිවරයා උපදෙස්‌ දී ඇතැයි අගමැති කාර්යාලයේ ප්‍රකාශකයෙක්‌  පැවැසීය.

එවිට සිය කතාවේදී එම සංවිධායක මණ්‌ඩලයට සිය ස්‌තුතිය පුදකිරීමට හැකිවනු ඇතැයිද අගමැතිවරයා පවසා ඇත. මේ පිළිබඳව උත්සව සංවිධායකයන්ට දැනුම් දීමට විශේෂ ලිපියක්‌ සකස්‌ කරන ලෙසද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිය කාර්යාලයට උපදෙස්‌ දී තිබේ. 
« PREV
NEXT »