BREAKING NEWS
latest

728x90

468x60

Monday, September 18, 2017

ජීවන වියදම ගැන අද මාධ්‍ය නිහඬයි - මහින්ද

අද ශීඝ්‍රයෙන් ඉහළ යන ජීවන වියදම පිළිබඳව මාධ්‍යයෙන් හඬක්‌ නගන්නේ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඊයේ (17දා) පැවැසීය.

හාල්, එළවළු, පොල් විශාල වශයෙන් මිල ඉහළ යැම පිළිබඳව මාධ්‍ය අද නිහඬ වී සිටියත් තමාගේ පාලන සමයේ භාණ්‌ඩ මිල ආහාර මිල ඉහළ ගිය බව හඟවමින් මාධ්‍ය විශාල හඬක්‌ නැඟු බව ද හෙතෙම කීය.

රටේ ජීවන වියදම පිළිබඳ ප්‍රශ්නය මාධ්‍ය යට ගැසුවත් ජනතාව ජීවන වියදම පිළිබඳ අර්බුදය හොඳින්ම දන්නා බවත් ප්‍රශ්න පසෙක දමා රටේ ජනතාව ඉතා සතුටින් සිටින බව හැඟවීමට ආණ්‌ඩුව අදහස්‌ කරන බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා කීවේය.
« PREV
NEXT »