BREAKING NEWS
latest

728x90

468x60

Monday, September 18, 2017

අතුරුදන් පනත එපා ඒකාබද්ධය ජනපතිගෙන් ඉල්ලයි

අතුරුදන් වූවන් පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස ඒකාබද්ධ විපක්‍ෂය පෙරේදා (16 දා) සවස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවට ගොස්‌ ඉල්ලා ඇත. 

පෙරේදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට ගොස්‌ එම ඉල්ලීම කර ඇත්තේ ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, ඩලස්‌ අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, තිස්‌ස විතාරණ සහ ජයන්ත සමරවීර යන මන්ත්‍රීවරුන් විසිනි.

මේ හැර සමෘද්ධි නිලධාරීන්ට පනවා ඇති නීතියෙන් ඔවුන්ට දේශපාලනය කිරීමේ නිදහස ගිලිහී ගොස්‌ ඇති බවත් මෙවර පළාත් පාලන ඡන්දයේදී ඔවුන්ට දේශපාලනයේ නිරත වීමට අවස්‌ථාව සලසා දෙන ලෙසත් ඒකාබද්ධ විපක්‍ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

මෙම ඉල්ලීම් සඳහා ජනාධිපතිවරයාගෙන් සාර්ථක ප්‍රතිචාරයක්‌ ලැබිය හැකි බව විශ්වාස කරන බව දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
« PREV
NEXT »