Wednesday, September 20, 2017
Home
Gossip Lanka News
පසුගිය රජය සමයේ මහජන මුදල් අවභාවිතා කර බන්ධනාගාර රෝහලේ සිටි ලලිත්ට සහ අනුෂට ඇප
පසුගිය රජය සමයේ මහජන මුදල් අවභාවිතා කර බන්ධනාගාර රෝහලේ සිටි ලලිත්ට සහ අනුෂට ඇප
-
Wednesday, September 20, 2017
පසුගිය ජනපතිවරණ සමයේ සිල්රෙදි බෙදාදීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට යන මහත්වරුන් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද(20) ඇප ලබා දුන්නේය.
එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔවුන් මුදා හැරි අතර ඇපකරුවන් තිදෙනාගෙන් අයකු අධිකරණ බල සීමාවේ පදිංචිකරුවකු වීම, අයකු ළඟම ඥාතියකු වීම හා අයකු රජයේ සේවකයකු වීම අනිවාර්ය කෙරිණි.
ඔවුන්ගේ විදෙස් ගමන් ද තහනම් කෙරුණු අතර විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට බාර දෙන ලෙස ද නියම කෙරිණි.
පසුගියදා ඔවුන්ට ලැබුණු වසර තුනක සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඔවුන්ගේ අසනීප තත්ත්වය හා අවුරුදු තුනක සිර දඬුවමක් වීම යන සුවිශේෂී කරුණු දෙක සලකා බලා ඇප ලබාදෙන බව මහාධිකරණය දැනුම් දුන්නේය.
