Wednesday, September 20, 2017
Home
Gossip Lanka News
එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජයීය සැසිය ඇරැඹෙයි
එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජයීය සැසිය ඇරැඹෙයි
-
Wednesday, September 20, 2017
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වන සැසිවාරය හා සමගාමීව සංවිධාන කෙරුණු එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජයීය සභාවේ සැසිය සඳුදා (18) පස්වරුවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ ආර්ථික හා සමාජයීය මණ්ඩලයේ දී පැවැත්විණි. ඒ එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ප්‍රධානත්වයෙනි.
රාජ්‍ය නායකයන් පමණක් සහභාගි වූ මේ සැසිය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සහභාගි විය.
තිරසාර සංවර්ධනය සඳහා 2030 න්‍යාය පත්‍රය කෙසේ සහාය විය යුතු ද යන්න කෙරෙහි මෙහි දී විශේෂ අවධානය යොමු කෙරිණි.
ලෝක රාජ්‍යයන්ගේ සාමුහික සංවිධානය වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉදිරි ගමන කෙසේ විය යුතු ද යන්න පිළිබඳ මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යක්ෂමතාව තවදුරටත් වැඩිකර ගැනීම, සහයෝගිතාව ප්‍රවර්ධනය මෙන්ම පරිපාලන වියදම් අඩුකර ගනිමින් සාමාජික රටවලට වැඩි ප්‍රතිලාභ හිමිවන අයුරින් කටයුතු කිරීම පිළිබඳව ද පුළුල් අවධානයක් යොමු කෙරිණි.
මෑත වසර කිහිපය තුළ එක්සත් ජාතීන් නිලධාරිවාදය සහ අවපාලනය නිසා සම්පූර්ණ විභවයට ළඟා වූයේ නැති බව මෙහි දී සභාව ඇමතූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කළේය." නිලධාරිවාදය මුලිනුපුටා දැමීමටත්, එක්සත් ජාතීන්ගේ උපරිම මෙහෙවර ළඟා කර ගැනීමට ස්ථිර තීරණ ගැනීමටත්, මහා ලේකම්වරයාට ඔහුගේ සම්පූර්ණ බලය භාවිත කිරීමට අප සහාය ලබා දෙනවා".
"කුසගිනි නිවීම, ආපදා සහන සැපයීම, ලොව පුරා සමාජ රැසක කාන්තාවන් සහ ගැහැනු ළමයින් සවිබල ගැන්වීම යන කරුණු වෙනුවෙන් විවිධ අයුරින් එක්සත් ජාතීන්ගේ සහාය ලබා දෙයි".
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ඉහළ පෙළේ සතිය අතර සියලු දෙනාට යහපත් ලෝකයක් නිර්මාණය කිරීමට මුල්‍ය සහ ආපසු හරවනු ලබන ආයෝජන නැවත හැඩගැස්සවීමේ එක්සත් ජාතීන්ගේ කාර්ය භාරය මෙහි දී මහ ලේකම් ඇටෝනියෝ ගුටරෙස් අවධාරණය කළේය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...