BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, September 05, 2017

හමුදාපති මට කිව්වේ නැහැ - සරත් ෆොන්සේකා කියයි

ජෙනරල් ජගත් ජයසූරිය මහතා සම්බන්ධව තමා කළ ප්‍රකාශය පිළිබඳව යුද හමුදාපතිවරයාගේ විරෝධය 'දිවයින' පත්‍රයට ප්‍රකාශ කළත් ඒ බව ඔහු තමාට කීවේ නැතැයි ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඊයේ (04 දා) පෙරවරුවේ කිරිබත්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

කිරිබත්ගොඩ හන්දියේ ජෙනරාල් විජය විමලරත්න පිළිරුව අසලදී පැවති පිළිගැනීමේ උත්සවයකට සහභාගි වූ මොහොතේ ඇමැතිවරයා එසේ පැවසීය.



"ඔය ප්‍රවෘත්තිය ලියූ මාධ්‍යවේදියාත් දැන් මෙතන ඉන්නවා" යෑයි රජයේ මාධ්‍යවේදියෙක්‌ "දිවයින" මාධ්‍යවේදියා දෙසට ඇඟිල්ල දික්‌කර පෙන්වීය.

ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා , දිවයින මාධ්‍යවේදියා අමතා, ''ඇත්තද මේ කතාව. හමුදාපතිවරයා ඔය විදිහට ඔබට ප්‍රකාශයක්‌ කළාද?'' යෑයි ඇසීය.

'දිවයින' මාධ්‍යවේදියා - ඔව්..

ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා - හමුදාපතිවරයා ඔබට මොනවද කිව්වේ.''

මාධ්‍යවේදියා - ඔහු කිව්වා පෞද්ගලික ප්‍රශ්න හමුදාවට සම්බන්ධ කරගන්න එපා කියලා. ඒක ආරක්‌ෂක හමුදාවට හොඳ නැහැ කිව්වා.

ඇමැති සරත් ෆොන්සේකා - ඔබ කියන්නේ බොරු. හමුදාපතිවරයා මට මේ ගැන කිසිවක්‌ කියලා නැහැ...

මාධ්‍යවේදියා - මම ලිව්වේ හමුදාපතිවරයා මට කියපු කතාව...

ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා - මාධ්‍යයේ යන්නේ හුඟාක්‌ බොරු දේවල්...

මාධ්‍යවේදියෙක්‌ - එහෙනම් ඒවා බොරු කියලා ඔබට ලිතව දැනුම් දෙන්න පුළුවන්..

ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා - මට ඕවට පිළිතුරු ලියන්න වෙලාවක්‌ නැහැ. මට මේ රටේ මාධ්‍ය විශ්වාසයක්‌ නැහැ.

නෝමන් පලිහවඩන
« PREV
NEXT »