Tuesday, September 05, 2017
Home
Gossip Lanka News
පුංචි ඡන්දය ජනවාරි මුල ප්‍රකාශයට පත් කිරීම ලබන මස
පුංචි ඡන්දය ජනවාරි මුල ප්‍රකාශයට පත් කිරීම ලබන මස
-
Tuesday, September 05, 2017
පළාත් පාලන මැතිවරණය ලබන ඔක්‌තෝබර් මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභා ආරංචිමාර්ග පවසයි.
මේ අනුව එහි ඡන්ද විමසීම ලබන ජනවාරි මස මුල්මාසයේදී පැවැත්වෙනු ඇත.
පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත මේ වනවිට බලාත්මකව පැවතියද ඊට අදාළව මහ නගර සභා ආඥපනත හා නගර සභා ආඥපනත සංශෝධනය කර නොතිබීම නිසා දැනට මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට නොහැකි වී තිබේ.
මෙම පනත් සංශෝධනය කර තාක්‍ෂණික දොaෂ ඉවත් කිරීම මෙම මස තුළ සිදු කර අවසන් කරන බවට ආණ්‌ඩුව දැනුම් දී ඇති නිසා ඉන්පසුව මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසම සූදානම් වෙයි.
මේ අතර ලබන ඔක්‌තෝබර් මාසයේ 2017 නව ඡන්ද හිමි නාම ලේඛනය බලාත්මක කරන නිසා එම ලේඛනයට අනුව ඡන්ද විමසීම සිදු කිරීමටද මැතිවරණ කොමිසම සැලසුම් කර ඇත.
රනිල් ධර්මසේන
