Friday, September 15, 2017
Home
Gossip Lanka News
බැඳුම්කර කොමිසමේ වාර්තාව භාර දුන් වහාම නඩු පවරනවා - ඇමැති ලක්‍ෂ්මන්
බැඳුම්කර කොමිසමේ වාර්තාව භාර දුන් වහාම නඩු පවරනවා - ඇමැති ලක්‍ෂ්මන්
-
Friday, September 15, 2017
ඇතැමුන් බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි නොදෙන්නේ තමන්ට සාක්‍ෂි දීමට බැරි තත්ත්වයක් උදාවී ඇති නිසා බවත් කොමිසමේ වාර්තාව භාර දුන් වහාම ඒ අනුව නීතිපති නඩු පවරන බවත් ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
බැඳුම්කරය මගින් මහා වංචාවක් සිදුව ඇති බව කිසිම ගැටලුවක් නැතිව මුළු රටම පිළිගෙන අවසන් බවද ඊයේ (14 දා) ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදිනියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කීය.
බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි නොදෙන හැමෝටම අධිකරණය හමුවේ අනිවාර්යයෙන්ම සාක්‍ෂි දීමට සිදුවන බවද එහිදී සාක්‍ෂි දීමට නොහැකි බව කාටත් කිව නොහැකි බවද හෙතෙම කියා සිටියේය.
සාක්‍ෂි දීමට බැහැ කීමෙන් පැමිණිල්ල තවත් ශක්‌තිමත් වන බව කී ඇමැතිවරයා මෙහිදී කොමිසමෙන් ගත් පියවර ඉතා නිවැරැදි බවද සඳහන් කළේය. කොමිසමේ කටයුතු අවසන් වීමෙන් පසුව නඩු පැවරීමද කඩිනමින් සිදු කරන බවත් ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පෙනී සිටින බවත් ඇමැතිවරයා පැවසීය.
සිල් රෙදි බෙදීමේ සිද්ධියේදී සිල් රෙදි මහජනතාව අතට ලැබී ඇති බවද බැඳුම්කර වංචාවේදී අති විශාල මුදලක් තනි පුද්ගලයකුට ගොස් ඇති බවට ද පෙනී යෑයි යන බවත් ඇමැතිවරයා සඳහන් කළේය. සිල්රෙදි බෙදීමේ සිද්ධිය හා බැඳුම්කර වංචාව සමාන කළ නොහැකි යෑයිද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
