BREAKING NEWS
latest

728x90

468x60

Sunday, September 03, 2017

මහින්ද, ශ්‍රීලනිප සම්මේලනයට ඒන්නෙනෑ - හේතුව මෙන්න

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එක්‌සත් ජාතික පක්‍ෂය සමඟ ආණ්‌ඩු කරනතෙක්‌ පක්‍ෂයේ සම්මේලනයට සහභාගිවීමට හැකියාවක්‌ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

පක්‍ෂ සම්මේලනයට සහභාගි වන ලෙසට එවන ලද ආරාධනා පත්‍රය ඊයේ ලැබුණු නමුත් ඒකාබද්ධ විපක්‍ෂයේ තම මන්ත්‍රී කණ්‌ඩායම ඊට සහභාගි නොවීමට තීරණය කර ඇති බැවින් සහභාගි නොවන බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

පසුගියදා (01 දා) පස්‌වරුවේ කොළඹ පැවැති උත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසුමකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

යුද අපරාධ චෝදනා පිළිබඳව ජෙනරාල් ජගත් ජයසූරිය මහතාට විරුද්ධව සරත් ෆොන්සේකා ඇමැතිවරයා කර තිබෙන ප්‍රකාශයක්‌ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා සරත් ෆොන්සේකා ඇමැතිවරයා රටට ආදරයක්‌ නැති පුද්ගලයකු යෑයි කියා සිටියේය.


« PREV
NEXT »