BREAKING NEWS
latest

728x90

468x60

Sunday, September 03, 2017

යහපාලන ආණ්ඩුවේ V 2025 සැලැස්ම 04 ප්‍රකාශයට

යහපාලන ආණ්ඩුවේ ආර්ථික සැලැස්ම සැප්තැම්බර් 04දා ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.


යහපාලන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිව්රුම් දී දෙවසරක් සපිරෙන් එදින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන උත්සවයකදී මෙම සැලැස්ම එළිදැක්වීමට කටයුතු යොදා ඇත.

ඉදිරි වසර තුන සඳහා වන සංවර්ධන යුගයේ වැඩසටහන ලබන සඳුදා හෙළිකිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, මාලඹේ ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වීමෙන් කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

‘‘අපි ඕන ශක්තිමත් ආර්ථිකයක් ඇති කරන්න. ඒ ශක්තිමත් ආර්ථිකය ඇති කරන්න මේ විදේශ ආයෝජකයන් ගේනවා. දේශීය ආයෝජකයන්ට අපි විශේෂයෙන්ම සහන ලබලා දෙනවා. දිරිගන්වනවා. කුඩා ව්‍යාපාරිකයන්ව ශක්තිමත් කරනවා..ඇයි...රටේ ආර්ථිකය ශක්තිමත් වෙන්න වෙන්න..රැකියා වැඩියෙන් ඇති කරන්න..දැන් රැකියා වැඩියෙන් ඇතිවෙලා තියෙනවා, සාක්කුවේ තියෙන ආදායම වැඩි කරන්න.

ඒ මුදල් වැඩි වුනහම තමයි මේ වෙළඳපොලට ඇවිල්ලා, කඩේට ඇවිල්ලා, සුපර් මාකට් එකට ගිහිං බඩු භාණ්ඩ මිලදීලා ගන්නේ. අන්න ඒ ආර්ථික දියුණුව ඇති කරන්නයි අපි ක්‍රියා කරන්නේ.

දැන් අපි ඔක්කොම එකට එකතු වෙලා ඊලඟ අවුරුදු තුනේ තමයි අපේ සංවර්ධන යුගයේ ඒ වැඩසටහන් සඳුදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි ඒක හෙළි කරන්න බලාපොරොත්තු වෙනවායි කියලා මම කියන්න කැමැතියි.’’
« PREV
NEXT »