
Tuesday, September 19, 2017
Home
Gossip Lanka News
සබරගමුවට එජාපයෙන් හේෂා - එකාබද්ධයෙන් පවිත්‍රා ?
සබරගමුවට එජාපයෙන් හේෂා - එකාබද්ධයෙන් පවිත්‍රා ?
-
Tuesday, September 19, 2017

ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේදී සබරගමුවේ මහ ඇමති අපේක්‍ෂකයා ලෙස තරග වැදීම සදහා තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ලබන මස මුල් සතියේ දිනක ඉල්ලා අස්වන බව එක්සත් ජාතික පක්‍ෂ රත්නපුර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.
පක්‍ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ හා කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇතැයි පවසන මන්ත්‍රීවරයා, තමන් මේ සතිය තුලදී මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බවද සදහන් කරයි.
ඔක්තොම්බර් මුල් සතියේ පළාත් සභා සදහා නාම යෝජනා කැදවනු ඇති බවත් වේලාසන ඊට සූදානම් විය යුතු නිසා තමන් මෙම තීරණය ගත් බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටී.
මේ අතර සබරගමුවේ මහ ඇමති අපේක්‍ෂකයා ලෙස තරග වැදීම සදහා තමන් සුදානම් බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය ද පවසන්නීය.